දේශීය පුවත්

දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රාහිම් නිවසේදි බෝම්බය පුපුරුවා හැරි ගර්භනි කාන්තාව ටයිල් පොළොවක් මත බෝම්බය තබා බිම හිදගනිමින් තම දරුවන් අසලට ගෙන බෝම්බය පුපුරුවා හරින්නට ඇතැයි අපරාධ ස්ථානීය පරීක්ෂණය සිදු කළ සොකෝ නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ(03) අනාවරණය කළේය.

ඒ එම නිලධාරියා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව තමන් සිදුකළ අපරාධ ස්ථානීය පරීක්ෂණ පිළිබඳ ජනාධිපති කොමිසමට සාක්ෂි දුන් අවස්ථාවේදිය.

පාස්කු ඉරුදින එල්ල වු ප්‍රහාර මාලාවට අදාළව කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ අපරාධ ස්ථානිය පරික්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා ඊයේ දින සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණියේය.

සාක්ෂි දෙමින් හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ ප්‍රහාර සිදුවු දින පස්වරු 3.00 ට පමණ තමන් දෙමටගොඩ මහවිල උද්‍යානයට යන විටත් අදාළ නිවසේ පිපිරීම් දෙකක් සිදුවි තිබු අතර ඒ වන විට ආරක්ෂක අංශ විසින් නිවසේ ඇතිව තිබු ගින්න නිවීමට කටයුතු කරමින් සිටි බවයි.

එම අවස්ථවේ තමන් විසින් ඡායාරූප ගත කළ නිවසේ ඇතුළත දර්ශණ සොකෝ නිලධාරියා විසින් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ අතර ඒවා කොමිසම විසින් මාධ්‍ය වෙත මුදා හැරියේය.

මරාගෙන මැරෙන පිපිරීම් සිදුව තිබු නිවස තෙමහල් නිවසක් වු අතර තම නිරීක්ෂණයන්ට අනුව එහි උඩුමහලේ කාමරයක් තුළ පළමු පිපිරීම සිදුව තිබු බව හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

අදාළ පිපිරීමෙන් නිවසේ උඩුමහලේ පොළොවේ සිදුරක් නිර්මාණය වි තිබු බවද, ඒ හේතුවෙන් එම මහල කඩාවැටීමේ අවධානමකට ලක්ව තිබු බවද සාක්ෂිකරු කියා සිටියේය.

එහිදි සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට නිරීක්ෂණය වු අකාරයට අදාළ බෝම්බකාරිය ටයිල් පොළොව මත බෝම්බය තබා, තමන් බිම හිඳගෙන දරුවන් අසලට ගෙන බෝම්බය පුපුරුවා හැර ඇති බවයි.

දෙවන පිපිරීම සිදුව තිබුනේ වෙනත් ස්ථානයක බව සඳහන් කළ සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේ එය එක් පුද්ගලයෙකුට පමණක් රැදි සිටිය හැකි කුඩා ස්ථානයක් බවයි.

කෙසේවෙතත් පිපිරීම සිදුවු ස්ථානයේ තිබි උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර මහතාගේ සහ අනෙත් නිලධාරින් දෙදෙනාගේ සිරුරු සොයාගනු ලැබුවද, මරාගෙන මැරෙන බෝම්බකාරියගේ සහ දරුවන්ගේ ශරීර අනන්‍යතාව තහවුරු කරුගැනීමට නොහැකි වන සේ කොටස් වලට කැබලි වි ගොස් තිබු බවද හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More