දේශීය පුවත්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරද්දී පැවති යහපාලන ආණ්ඩුවේම ඉහළ පිරිසක් ජාත්‍යන්තර පොලිසියට බොරු තොරතුරු ලබා දුන් බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ස`දහන් කළේය.

ජාත්‍යන්තර පොලිසිය අර්ජුන මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ඔහු සමග ඇත්තේ මූල්‍ය ප‍්‍රශ්නයක් නොව දේශපාලන ප‍්‍රශ්නයක් තිබෙන බවට බොරු තොරතුරු ලබා දී තිබුණු බවද හිටපු ජනාධිපතිවරයා ඊයේ (3දා) ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ස`දහන් කළේය.

එහෙත් නැවත වරක් තමා නීතිපති දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව කමිටුවක් හරහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කර ඊට අත්සන් 21,000ක් යොදා ඔහුට ඇති චෝදනා ජාත්‍යන්තර පොලිසිය වෙත යැවූ බවත් ඉන් පසු ඔවුන් එය පිළිගත් බවත් හිටපු ජනාධිපතිවරයා ස`දහන් කළේය.

අනතුරුව යහපාලන ආණ්ඩුවේ එම පිරිස මහේන්ද්‍රන් ලංකාවට ගෙන ආවොත් සියලූ තොරතුරු හෙළිවන හෙයින් ඔවුන් හිතවත්කම් ඇති සිංගප්පූරුවේ ඉහළ දේශපාලන අධිකාරිය සමග සාකච්ජා කර මහේන්ද්‍රන් ගෙන්වීම නතර කළ බවද, එම පිරිස කවුරුන්ද යන්න මුළු රටම දන්නා බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ස`දහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More