දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත අවශ්‍ය මාර්ගෝපදේශ අද(03) නිකුත් කරනු ලැබූ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් නිර්දේශයන්ට අනුකූලව තැපැල් ඡන්දය පැවැත්විය යුතු ආකාරය පිළිබදව, තැපැල් ඡන්දය සදහා කුමන රාජ්‍ය සේවකයන් සහභාගි කර ගත යුතු ද යන්න, ඡන්ද රැස්වීම් පැවැත්විය යුතු ආකාරය, ගෙයින් ගෙට යාමේ ප්‍රචාරක කටයුතු සිදු කළ යුතු ආකාරය, ඡන්ද දිනයේ ඡන්ද විමසීම් කටයුතු සිදු කළ යුතු ආකාරය, ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කළ යුතු ආකාරය ආදි කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇතුලත් මාර්ගෝපදේශ අද මැතිවරණ කොමිසම වෙත ලබාදෙනු ලැබු බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසීය.

අද(03) මැතිවරණ කොමිසමත් සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු කණ්ඩායමක් විසින් ඊට අදාලව සාකච්ඡා සිදු කරන කරන බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය සදහන් කරයි.

මෙම නිර්දේශ ඇතුලත් මාර්ගෝපදේශ මැතිවරණ කොමිසමට ලැබීමත් සමග  සෞඛ්‍යආරක්ෂිතව මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ඉතා ඉක්මණීන් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් සදහන් කරන ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More