දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

තවදුරටත් ඔහු සඳහන් කළේ අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වුවද දිනය ප්‍රකාශයට පත් කිරීමක් සිදු නොකරන බවය.

කෙසේ වෙතත්, ඉදිරි මහ මැතිවරණයට අදාළ වෙනත් කරුණු කිහිපයක් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සහ ජූනි 20 වනදා මැතිවරණයට දින නියම කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරිමටයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ඒකමතිකව තීන්දු කළේ ය.

ඉන් අනතුරුව, ගත යුතු ක්‍රියාමාර්ග තිරණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ රැස්විම අද පස්වරුවේ පැවැත්වෙයි.

එමෙන්ම, මහ මැතිවරණයේ මනාප අංක නිකුත් කිරීමේ ගැසට් නිවේදනමය සකස් කර අවසන් බව රජයේ මුද්‍රනාලායාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේ ය.

ඇය කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බවය.

එමෙන්ම, මැතිවරණයට අදාළ වෙනත් මුද්‍රණ කටයුතු වේගවත්ව සිදු කළ යුතුද යන්න තීරණය වන්නේ ද කොමිෂන් සභාව ලබා දෙන දින අනුව බව ඇය සඳහන් කළා ය.

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ විශේෂඥ කමිටුව අද දිනයේත් රැස් විය.

එහිදි සකස් කෙරෙන නිර්දේශ ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එමෙන්ම, මහ මැතිවරණයට අදාළ මාධ්‍ය උපමාන, ආචාර ධර්ම සහ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් අද රජයේ මුද්‍රණාලය වෙත ලබාදීමට නියමිතව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More