දේශීය පුවත්

සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීතිගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කර තිබේ.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇති අතර, එහි සභාපතිත්වය දරනු ලබන්නේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතායි.

ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂකවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාවල බුද්ධි අංශ ප්‍රධානීන් මෙම කාර්ය සාධක බලකායට ඇතුළත්ය.

අදාළ ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මත්උවදුරෙන් සමාජය මුදා ගැනීම සඳහා නීතිගරුක සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කර ඇති බවය.

මේ අතර, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමණාකරණය කිරීම සඳහා ද ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු සාමාජිකයින් 11 ක් ඊට ඇතුළත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More