මහජන චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් වශයෙන් සැළකෙන CMC සමාගම විසින් මෙරට ප්‍රවාහන අංශවල නිරතවන සේවකයින් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීමටත්, එම සේවකයින්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් යොදාගත හැකි කට්ටල තොගයක් ඊයේ (02) ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය.
විශේෂයෙන් ලබන සඳුදා සිට (08) දිවයින පුරා පොදු ප්‍රවාහන සේවා නැවතත් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ගන්නා ලද තීරණයත් සමඟ ලංගම හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස් වෙත ලබා දීමට මෙම සෞඛ්‍යාරක්ෂණ කට්ටල යොගැනීමට නියමිතය.
මෙම උපකරණ කට්ටල තොගයට Face Mask, Face cover මෙන්ම Protecting kit ද ඇතුළත් වේ.
CMC සමාගමේ නියෝජිතයින් පිරිසක් විසින් අදාල උපකරණ තොගය ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබීය.
එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වි සිටියේය.
මින් පෙර ද චින රජයමෙන්ම චීන සමාගම් කිහිපයක් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා උපකරණ කට්ටල ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට බාර දුන් බව කී අමාත්‍යවරයා චිනයේ CMC සමාගම වෙත සිය කෘතඥතාව පළ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...