පුරවැසි කොලම

ගිය සතියේ කතා කළ තපස්සු භල්ලුක ගැන තව තවත් තොරතුරු ලැබෙනවා. තොරතුරු එවන සියලු දෙනා වහන්සේට හා සියල්ලන්ට පින්! ඒ තොරතුරු කියවන විට මා දන්නේ මොනවා ද කියා හිතෙනවා. එක් අයකු අසා තිබුණා භල්ලුක කියා තැනැත්තකු එළාරගේ පරාජයෙන් පසු ලංකාවට පැමිණියා නේද කියා. ඒ භල්ලුක නම් එන්න ඇත්තේ දඹදිවින් තමයි. එහෙත් එපමණකින් තපස්සු භල්ලුක දඹදිව වැසියන් කියා කීමට බැහැ. මේ නම් බොහොමයක් ඉන්දීයකරණය වෙලා.

තිරියාය සංස්කෘත ශිලා ලේඛනයෙහි මෙවැන්නක් සඳහන් වන බව දන්වා තිබෙනවා. “තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගැන කීවද ශිලා ලේඛනයේ ‘‘ත‍්‍රපුෂ්‍යකෛර් වල්ලිකෛර් වණිග්ගෙණෙර්’’ (Trapusyaka-Vallika and Companies?) යනුවෙන් තෘතීය විභක්ති බහු වචනයෙන් දක්වා ඇත. ඔවුන් දෙදෙනකු ගැන පමණක් සඳහන් කළ යුතු වී නම් සංස්කෘත ව්‍යාකරණයට අනුව ද්වි වචනය භාවිත කළ හැකි ව තිබිණ.

මෙයින් පැහැදිලි වන්නේ භල්ලුක කියන නම සංස්කෘතකරණය වූ විට වල්ලික වන බව, එමෙන්ම තපස්සු ත්‍රපුෂ්‍යක වන බව. අපි මේ ගැටලු පසුව ලිහා ගනිමු. ඇත්තට ම මෙහි එතරම් ගැටලුවකුත් නැහැ. මෙහි වැදගත් කරුණක් වන්නේ වනිග්ගෙණෙර් (සමාගමක්?) ගැන කීම. මේ සියල්ල අපි පසුව සාකච්ඡා කරමු. කොහොමටත් වෙළෙඳ සමූහයක් පැමිණ ඇති බව පැහැදිලියි. ඔවුන්ගේ නායකයන් තපස්සු භල්ලුක කියන එකත් පැහැදිලියි. ශිලා ලේඛනවල මොනවා තිබුණත් එකල නැව් තිබුණාද කියා නම් පඬි නැට්ටකුගෙන් අහන්න වෙයි.

අපි තපස්සු භල්ලුකගෙන් තොණ්ඩමාන්ට හා වතුකරයට හැරෙමු. ඇතැමුන් මිය යෑමෙන් පසු වඩා ජනප්‍රිය වෙනවා. ආරුමුගම් තොණ්ඩමාන්ටත් ඒ දේ වෙලා. ඔහුගේ පුතා කියනවා පස්සෙ හොඳ අවමඟුලක් ගන්නවා කියා. ඒකත් හොඳයි. තොණ්ඩමාන්ලාත් ඉංගිරිසින් විසින් වතුවල වැඩට ගෙනා අය. ඔවුන්ගේ ආදිතමයකු කම්කරු තත්ත්වයෙන් මිදී කන්කානිවරයකු බවට පත්ව තිබෙනවා. එහෙම කිව්වම කම්කරු පංතිය ගැන කියන වම්මුන්ට කේන්ති යයිද දන්නෙ නැහැ. කම්කරු තත්ත්වයෙන් මිදෙනවා කියන්නෙ මොකක් ද කියල අහන්න බැරි නැහැ.

සකර්බර්ග් වම්මුන්ට හා ජවිපෙ වම්මුන්ට අනුව ගෝඨාභය සජිත්ට හා රනිල්ට වඩා ධනවාදී බවයි පේන්නෙ. ඔවුන් ඒ සඳහා අර තවත් බොරු කතාවක් කියාවි. ජේ. ආර්. ගේ ව්‍යාපෘතිය වඩා හොඳින් ගෙන යන්නෙ ගෝඨාභය කියා කියන්න පුළුවන්. මේ රටේ වම්මුන්ට තේරෙන මේ සත්‍යය බටහිරයන්ට නොතේරෙන එක තමයි පුදුමය. බටහිරයන් වඩා පක්‍ෂ ගෝඨාභයටද? සජිත්ටද?

කම්කරුවන්ට නිසඟව ලැබෙන පංති විඥානයක් නැති නිසා ප්‍රශ්නයකුත් නැහැ. වතු කම්කරුවන්ට කම්කරු පංති විඥානය ගෙන යන්න උත්සාහ කළේ පැරණි සමසමාජ පක්‍ෂය. එහි කලක් පතාක යෝධයකු වූ එඩ්මන්ඩ් සමරක්කොඩි කිව්වෙ වතුකරය ලංකාවෙ විප්ලවයෙ අපිකේන්ද්‍රය (epicenter) කියා. ලංකාවේ ප්‍රභූ පවුලක ඉපදුණු සමරක්කොඩිට හොඳ කම්කරු පංති විඥානයක් තියෙන්න ඇති. නැත්නම් එහෙම කියාවි යැයි. ඔහු ධනේෂ්වර පංති විඥානයෙන් කැඩෙන්නත් ඇති.

ආරුමුගම් තොණ්ඩමාන්ගේ වියෝවෙන් උතුරේ වෙල්ලාලයන්වත් නැගෙනහිර කරුණාලාවත් එතරම් ශෝකයකට පත් වූ බවක් පෙනෙන්න තිබුණේ නැහැ. සුමන්තිරන් උසාවියේදි දුක් වුණාද කියා අප දන්නේ නැහැ. ඔහු මේ දවස්වල වැඩිය ඉන්නෙ උසාවියෙ. තොණ්ඩමාන්ගෙ මළගමට විශාල සෙනගක් ආපු එක ඇත්ත. ඒ සියල්ලන් ම පාහේ වතුකරයෙන්. පොදුජන පෙරමුණත් ශෝක වුණු බව පැහැදිලියි. ඒත් ප්‍රශ්නයක් වන්නේ පොදුජන පෙරමුණට වතුකරයේ ඡන්ද ලැබෙනවාද කියන එක.

පසුගිය ජනාධිපතිවරණවලදී මස්කෙළිය අසුනේ දුන් ඡන්ද මෙසේයි.

• 2005 ජනාධිපතිවරණය

රනිල් වික්‍රමසිංහ – 156343

මහින්ද රාජපක්ෂ -33453

• 2010 ජනාධිපතිවරණය

සරත් ෆොන්සේකා – 112866

මහින්ද රාජපක්ෂ – 62604

• 2015 ජනාධිපතිවරණය

මෛත්‍රිපාල සිරිසේන – 171578

මහින්ද රාජපක්ෂ – 57718

• 2019 ජනාධිපතිවරණය

සජිත් ප්‍රේමදාස – 177413

ගෝඨාභය රාජපක්ෂ – 75499

මෙයින් කියන්නේ එක්කෝ තොණ්ඩමාන්ට ඡන්ද නැති බව, නැත්නම් ඡන්ද එජා පක්‍ෂයට හා හිතවතුන්ට ලැබෙන බව. සමහර විට දෙකම වෙන්නත් පුළුවන්. පොදුජන පෙරමුණට කියන්න පුළුවන් තමන් ඡන්දය බලාගෙන දේශපාලනය නොකරන බව. එහෙත් අසන්නන් සිහි බුද්ධියෙන් අසාවි. තොණ්ඩමන්ගේ දේශපාලනය ඉන්දියාවට සම්බන්ධයි. ඔවුන්ගේ කම්කරු සමිතියේ ධජය ඉන්දීය ජාතික ධජය. එය සංකේතයක් පමණක් නො වෙයි. එහෙත් මේ වන විට ඉන්දියාවටත් වතුකරයේ එතරම් දෙයක් කරන්න බැහැ.

කෙසේ නමුත් මෙරට ඊනියා දෙමළ ජනවර්ගයක් නැති බව අවමඟුලෙනුත් පැහැදිලි වෙනවා. මෙරට දෙමළ ජන කොට්ඨාස තුනක් තියෙනවා. එකක් උතුරේ. එය තවමත් වෙල්ලාල ආධිපත්‍යයට, විශේෂයෙන් වෙල්ලාල ක්‍රිස්තියානි ආධිපත්‍යයට යටවෙලා. නැගෙනහිර ඇත්තේ වෙන ම දෙමළ ජනකොට්ඨාසයක්. එහි පැහැදිලි නායකත්වයක් නැහැ.

එහෙත් කරුණා ආදීන් නාමික නායකත්වයක් දරනවා. පොදුජන පෙරමුණේ දේශපාලනඥයන් බුද්ධිමත්ව ක්‍රියා කරන්නේ නම් ඔවුන්ට මේ දෙමළ ජන කොට්ඨාසයට නායකත්වය දෙන්න පුළුවන්. තුන්වැනි දෙමළ ජන කොට්ඨාසය ඇත්තේ වතුකරයේ. එහි විවිධ නායකයන් ඉන්නවා. තොණ්ඩාමන් එක් අයකු පමණයි. මේ දෙමළ ජන කොට්ඨාසයේ නායකයන් තම ජනතාව මෙහෙයවන්නේ එජාපයට හා එහි හිතවතුන්ට ඡන්දය දීමට.

දෙමළ ජන කොට්ඨාස තුන ජීවත් වන්නේ වෙන වෙනම. ඔවුන්ට පොදු නායකයන් නැහැ. 1976දී වඩුකොඩෙයි සම්මේලනයේදී චෙල්වනායගම් තම නායකත්වය යටතේ මේ දෙමළ ජන කොට්ඨාස තුනත් මුස්ලිම් ජනයාත් සිංහලයන්ට, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ට එරෙහිව සංවිධානය කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. එහිදී පුස් යෝජනා හතරක් සම්මත කර ගත්තා. ඒ යෝජනා පසුව නන්දිකඩාල් කළපුවට විසි කෙරුණා.

කඳුකරයේ දෙමළ ජනයා සංවිධානය කිරීම එක් නායකයකු හෝ පක්‍ෂයක් හෝ යටතේ සිදු වන්නේ නැහැ. තොණ්ඩමාන්ගේ අභාවයෙන් පසු ආරුමුගම්ට තම සීයාට තිබූ ජනප්‍රියතාව රැක ගන්න බැරි වුණා. ආරුමුගම්ගේ පුතාට ඒ තරමවත් බැරි වේවි. අප දෙමළ ජන කොට්ඨාස සමග නායකයන් මගින් නොව සෘජුව දේශපාලනය කරන්න ඕන. පොදු ජන පෙරමුණ ඒ ජනයා අතරට යන්න මග හදාගන්න ඕන.



One thought on “තොණ්ඩමාන් හා දෙමළ ජන කොට්ඨාස දේශපාලනය – නලින් ද සිල්වා”

  1. lankawen indiayawata weladame giya dedenek , Indiyawen awa nemei.me aya hitapu tanwala godak purawasthu thawamath thibenawa diwi pesha walalu pagoda ekek thiyenawa. they are from Sri Lanka not from India.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More