ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අද (03දා) රැස්වී තීරණය කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 වැනිදා) පස්වරුවේද රැස්වී ඉදිරි මැතිවරණයේ කටයුතු සම්බන්ධව සාකච්ඡා කළේය.
පසුගිය අප්‍රේල් මස 25 වැනි දින පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිතව තිබූ අතර, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය ජුනි මස 20 වැනිදා පැවැත්වීමට තීරණය කෙරිණි. නමුත්,රටේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයට පත්ව නොතිබුණු බැවින් මැතිවරණ දිනය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.
මැතිවරණ දිනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ඉදිරිපත්ව තිබූ අවස්ථාවේ,මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදෙන දිනයේ සිට දින 60 ත් 70 ත් අතර කාලයක් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බවය.
ඒ අනුව මහ මැතිවරණය පැවැත්වීමේ අාසන්නතම දිනය ලෙස උපකල්පනය කළ හැකි වන්නේ අගෝස්තු 08 වැනිදාය.
2019 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් එක්කෝටි හැටදෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසූපහක් (16263885) සුදුසුකම් ලබා සිටිති.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීවරුන් එකසිය අනූහය දෙනෙක් ඡන්දයෙන් තෝරා ගැනෙන අතර, ඒ සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව හත්දාහස් හාරසිය පනස් දෙකකි. පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් තුන්දහස් හයසිය පනස් දෙකක්ද,ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් තුන්දහස් අටසීයක්ද පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරති.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන අතර,එම සංඛ්‍යාව නවසිය විසිහතරකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
SPYLanka News Web කියු දෙයක් වැරදිලා නෑ…. ගැසට්ටුවට එරෙහි පෙත්සම් විසිවෙයි…. මහා මැතිවරණය අගෝස්තු 8 වැනිදා!
http://lankanewsweb.org/archives/24347