දේශීය පුවත්

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (2) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ඔවුන් සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

ඔවුන් අද (02) දින සවස 4.15 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන විශේෂ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැඟිලි තුළට ගැනීමට විශේෂ කවුන්ටර 08 ක් සුදානම් කර ඇත.

මෙම ගුවන් මගීන් පිරිස සහ ගුවන් නියමුවන් ඇතුළු ගුවන් යානා කාර්යය මණ්ඩලය ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ගුවන් තොටුපළ සහ සෞඛ්‍ය බලධාරීන් විසින් සකස් කර තිබේ.

ඒ අනුව මෙම ගුවන් යානා කාර්යය මණ්ඩලය කොළඹ පෞද්ගලික රෝහලක සහායෙන් සහ පැමිණි ගුවන් මගීන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සහ රජයේ රෝහල් කාර්යය මණ්ඩලයක් විසින් පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

ලබා ගන්නා සෙම පටල සාම්පල  ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ සඳහා, විශේෂ ගිලන් රථයක් මඟින් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට නියමිතය.

මෙසේ පැමිණි ගුවන් මගීන් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් වීමෙන් අනතුරුව , ඒවායේ ප්‍රතිඵල ලැබෙන තෙක්, ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක නවාතැන් ගැනීමට සලස්වා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More