ව්‍යාපාරික පුවත්

වෛද්‍ය සැපයීම් අංශයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් කරන ලද සැපයීම් වෙනුවෙන් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 2764 ක් පමණ වන බව අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.

ඉන් රුපියල් කෝටි 1410ක්ම ඖෂධ සැපයීම් වෙනුවෙන් වන බිල්පත් පියවීමේ ණය බවද එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ සපයන සැපයුම්කරුවන්ට ද හිඟ බිල්පත් ගෙවීමට ඇති බැවින් සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව ඖෂධ සංස්ථා ආරංචි මාර්ග කියයි.

ඖෂධ සංස්ථාව ඖෂධ ආනයනය කිරීම සදහා රාජ්‍ය බැංකු දෙකකින් රුපියල් කෝටි 1800 ක පමණ ණය ලබාගෙන ඇති අතර එම ණය වෙනුවෙන් පොලිය වශයෙන් පමණක් රුපියල් කෝටි 7ක පමණ මුදලක් මාසිකව ගෙවීමට සිදුව ඇතැයි සංස්ථා ආරංචි මාර්ග සදහන් කරයි.

මේ තත්ත්වය තුළ අමාත්‍යංශයේ මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සදහා රාජ්‍ය බැංකු දෙකෙන් රුපියල් කෝටි 600 බැගින් වන ණය පහසුකම් ලබාගැනීමට පහසුකම් සලසන ලෙස ඖෂධ සංස්ථාව රජයෙන් ඉල්ලීමක් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More