දේශීය පුවත්

විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර හා ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) පස්වරුවේ දී පැවැත්විනි.

මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳවත්, ප්‍රවාහන අංශ නවීකරණ කටයුතු සම්බන්ධවත් සාකච්ඡා කර තිබේ.

මීට අමතරව දැනට IOC සමාගම සතුව පවතින ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි පද්ධතිය සම්බන්ධවද අවධානය යොමු  කරනු ලැබීය.

එහිදී අමාත්‍ය මහින්දඅමරවීර මහතා පෙන්වා දෙන ලද්දේ ලෝක වෙලෙඳපළේ ඉන්ධන මිල අවම වී ඇති අවස්ථාවක අතිරේක ඉන්ධන තොග ගබඩා කිරීම සඳහා අමතර ටැංකි පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි  අපහසුතාවයන්ට මුහුණ පා සිටින බවයි.

එම නිසා එම ටැංකි පද්ධතියෙන් කිහිපයක් හෝ ලබා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහාය දක්වන ලෙස අමාත්‍යවරයා ඉල්ලිමක් කළේය.

ඒ අනුව ඉන්දීය මහකොමසාරිස්වරයා ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බවත්, ඉදිරියේ දී මේ සම්බන්ධව නිලධාරි මට්ටමෙන් සාකච්ඡා පවත්වා අවශ්‍ය පියවර ගැනීම සුදුසු බව මහකොමසාරිස්වරයා පැවැසූ  බව අමාත්‍යවරයා පවසයි.

දැනට එම ටැංකි පද්ධතියේ අයිතිය තිබෙන්නේ ඉන්දීය රජයට නොව ඉන්දීය පුද්ගලික සමාගමක් වන IOC සමාගමට වන බැවින් මේ සම්බන්ධව සාකච්ඡා කිරීම අවශ්‍ය වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද අප විදුලිබල සංවර්ධනයේ දී අප රටේ මීලග පියවර වන LNG විදුලි බලාගාර පිහිටුවීමේ දී ඉන්දීයරජයේ පූර්ණ සහයෝගය පළ කිරීමට සූදානම් බව ද මහකොමසාරිස්වරයා අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා දක්වන සහයෝගය අතිශයින් කරන බව කී අමාත්‍යවරයා විශේෂයෙන් වව්නියාවේ සිට යාපනය දක්වා ඉදි කරන ලද දුම්රිය මාර්ගය සඳහා ඉන්දීය රජය සහාය දැක්වීම තුළ වර්තමානයේ එම ව්‍යාපෘතිය අතිශය සාර්ථක වී ඇති බව ද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More