දේශීය පුවත්

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබේ.

එය මේ වසරේ අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වෙයි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සංචාරක නියෝජිත ආයතනවල ඉල්ලීම සලකා බැලීමෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පසුගිය දා අනුමැතිය හිමි වූ බවයි.

මෙරටට සංචාරකයන් රැගෙන ඒම සඳහා ඉතා සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරන මෙම සංචාරක නියෝජිතයන් 1000 කට ආසන්න සංඛ්‍යාවකින් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින බව ද ඇමතිවරයා සඳහන් කරයි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවිම සඳහා ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අදාළ පියවර ගනිමින් සිටින බව පවසන ඇමතිවරයා පෙන්වා දෙන්නේ සංචාරක නියෝජිතයන් රට තුළට රැගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කිරීම ඒ සඳහා ගත් එක පියවරක් බවයි.

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ ඉල්ලීම අනුව තවත් පියවර රැසක් ඉතා කඩිනමින් ගැනීමට නියමිත බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවලට අනුව 2019 වසරේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 191,702 කි.

ලැබු ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3724 කි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ වසර 05 ක් තුළ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ඉලක්කයක් සපුරා ගැනීම සඳහා සංචාරක කර්මාන්තය දියුණු කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදී ද කොවිඩ් 19 වසංගතය රට තුළ පාලනය කිරීමෙන් පසුව සංචාරක ක්ෂේත්‍රයේ අදාළ ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More