දේශීය පුවත්

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානයට යොමු වී ඇති බව වාර්තා වෙයි.

පක්ෂයේ කටයුතු සඳහා සහභාගි නොවීම සහ සහයෝගය ලබා නොදීම ඊට හේතුවයි. කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (01 වැනිදා) පැවැති රැස්වීමකදී මේ බව සාකච්ඡා කර තිබේ. නගරාධිපති ධුරය නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල් වෙත ලබාදීමට සැලසුම් කර තිබේ. පක්ෂයේ කටයුතුවලට සහයෝගය ලබා නොදෙන නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙහිදී දැනුම් දී තිබේ.

නීති අංශය සමග සාකච්ඡා කර අදාළ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන ලෙස කොළඹ දිස්ත්‍රික් කළමනාකාර ලසන්ත ගුණවර්ධනට එහිදී උපදෙස් ලබාදී තිබේ.

කොළඹ මහ නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනකු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. නගරාධිපති රෝසි සේනානායක මෙම සාකච්ඡාවට සහභාගි වූයේ නැත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More