ව්‍යාපාරික පුවත්

ශ‍්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයේ සාමාජිකයින් වූ නිහාල් ෆොන්සේකා මහතා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

මුදල් මණ්ඩලය යළි පිහිටුවීම සඳහා මෙම සාමාජිකයන් දෙදෙනා මුදල් මණ්ඩල සාමාජික ධුරවලින් ඉවත් වී ඇති බව ‘දිවයින‘ ට වාර්තා වේ. පෙරේදා (31) දින සිට බලපැවැත්වෙන පරිදි එම දෙදෙනා සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයින් ලෙසින් නිහාල් ෆොන්සේකා මහතා 2016 ජූලි 27 දින ද, ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය 2019 ජූලි 29 වැනිදා ද පත්වීම් ලැබූහ. ඔවුන් මෙසේ ඉල්ලා අස් වී ඇත්තේ ධුර කාලය අවසන් වීමට පෙරය.

මේ වන විට මුදල් මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වශයෙන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඞී. ලක්ෂ්මන් (සභාපති), මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල (නිල සාමාජික) හා ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහත්වරුන් කටයුතු කරනු ලබන අතර මහ බැංකු මුදල් මණ්ඩලය සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More