දේශීය පුවත්

පසුගිය රජය සමයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා දියත් කළ කුමන්ත්‍රණයේ හිටපු ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා​ ද කොටස්කරුවකු බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (01වැනිදා) අනාවරණය විය.

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් එම කරුණු අනාවරණය කළේය.

යහපාලන රජයේ ඇමැතිවරුන් ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන අය රාජපක්ෂ පවුලට මඩ ප්‍රහාර දියත් කරමින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොකළ වරදකට අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, යන ආයතනවල නිලධාරීන්ට, රජයේ රස පරීක්ෂකවරයාට සහ හිටපු නීතිපති යුවන්ජන් විජේතිලක යන අයට දැඩි බලපෑම් එල්ල කළ බවද ඇවන්ට්ගාඩ් සභාපතිවරයා සාක්ෂි දෙමින් පැවැසීය.

මෙම හිටපු ඇමැතිවරුන් තමන්ගෙන් කප්පම් ඉල්ලා සිටි බවත්, එම කප්පම් ඉල්ලීම් සියල්ල පටිගත කර තිබෙන බවත් ඇවන්ට්ගාඩ් සභාපතිවරයා කොමිසම හමුවේ අනාවරණය කර සිටියේය.

Avant Garde Floating Amoury Case

යහපාලන රජය යටපත් කළ සත්‍ය යහපාලන රජයේ දේශපාලනික පලිගැනීම් පිලිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේදී 2020 මැයි මස 26 දින හෙළිවූ සත්‍ය දෙරණ රුපවාහිනිය වාර්තා කල අයුරු.

Gepostet von Nissanka Senadhipathi am Dienstag, 26. Mai 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More