විදේශ පුවත්

ජෝර්ජ් ෆ්ලොයිඩිගේ මරණයත් සමග සිවිල් අරගලකාරී තත්ත්වයක් දක්වා උත්සන්න වී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ උද්ඝෝෂණ, විරෝධතා හා ගැටුම් මේ වන විට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව බහුජන විරෝධතා ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී ඇත.

මීට සමගාමීව සී.එන්.එන්., බී.බී.සී. හා ඒ.බී.සී. ඇතුළු අන්තර්ජාතික ජනමාධ්‍ය ආයතන බහුතරයක්ද ඇමරිකානු ජනපතිවරයාට එරෙහිව ප්‍රවෘත්ති පළ කිරීම ආරම්භ කර ඇති අතර එම විවේචන නොඉවසන ජනපති ට්‍රම්ප්ද එම මාධ්‍ය ආයතනවලට පහර දෙමින් සිටී.

දිගින් දිගටම ට්විටර් පණිවුඩ නිකුත් කරන ජනපති ට්‍රම්ප් ඊයේ (01වැනිදා) රාත්‍රිය වන විට ප්‍රකාශ කර තිබුණේ බී.බී.සී., සී.එන්.එන්., නිව් යෝර්ක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් ඇතුළු මාධ්‍ය ආයතන රැසක් ‘වැරදි තොරතුරු’ ප්‍රචාරය කරන බවයි. ‘‘ව්‍යාජ ප්‍රවෘත්ති යනු ජනතාවගේ සතුරාය.’’ යනුවෙන්ද ජනාධිපතිවරයා ටිව්ටර් පණිවුඩවල සටහන් කර ඇත.

මේ අතර ‘ෆැසිස්ට් විරෝධී’ පදනමින් පිහිටුවා ගත් ඇන්ටිෆා (ANTIFA) නම් වර්ගවාදයට එරෙහි සංවිධානය එක්සත් ජනපදයේ සිවිල් ගැටුම් සිය පාලනය යටතට ගෙන ඇති අතර ජනපති ට්‍රම්ප් විසින් එම සංවිධානයද ‘ත්‍රස්තවාදී සංවිධානයක්’ ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත.

එසේම ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා දැක් වූ උද්ඝෝෂකයන් ජනපති නිවාස පරිශ්‍රයට ඇතුළු වෙතැයි බියෙන් ජනපති ට්‍රම්ප්ව ආරක්ෂාව වෙනුවෙන් භූගත බංකරයකට රැගෙන ගොස් ඇතැයිද ඊයේ පුවත් වාර්තා විය. කෙසේ වෙතත් ඒ පිළිබඳ ටිව්ටර් පණිවුඩයක් නිකුත් කළ ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ එය අසත්‍ය පුවතක් ”Fake News” බවයි.

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 15කට වැඩි සංඛ්‍යාවකට ඇඳිරිනීතිය පනවා තිබුණද තවදුරටත් විරෝධතාකරුවෝ වීථි බැස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More