දේශීය පුවත්

එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් දියත් කළ සන්නද්ධ අරගලය යනු පැරණි කතාවක් බවත් ඒ ගැන තවදුරටත් කතා කිරීම තේරුමක් නොමැති බවත් දෙමළ ජනතාව දැන් අලුත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට අවතීර්ණ වී ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සූර්යන් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

“ඒක පරණ කතාවක්. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ආයුධ සන්නද්ධ අරගලය ඇති වෙන්න මූලික හේතුව වුණේ ප්‍රජාතන්ත්‍රවාදීව ජාතික ගැටළුව විසඳීමට කටයුතු නොකිරීමයි.

බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම කැඩුවා. ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුම කැඩුවා. ඒ ගිවිසුම් ක්‍රියාත්මක කළේ නෑ. සන්නද්ධ අරගලය පටන් ගත්තේ රටට නිදහස් ලැබිලා අවුරුදු 30ක් ගතවුණාට පස්සේ. ඒක ඒ කාලේ වෙච්චි දෙයක්. දැන් ඒ ගැන කතා කරන එක තේරුමක් නෑ. ඒක ඉවර වෙච්ච දෙයක්.

අපි දැන් වෙනත් මාවතක ගමන් කරමින් ඉන්නේ. දේශපාලන වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කරනවා. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරනවා. මානව හිමිකම් පිළිබඳ කටයුතු කරනවා. ජාත්‍යන්තරයට දීලා තියෙන පොරොන්දු අනුව කටයුතු කරනවා. අපි කලබල වෙන්න ඕනෙ නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

සන්නද්ධ අරගලය වැරදියැයි පිළිගන්නේද යනුවෙන් මාධ්‍යවේදියකු කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ “හරිද වැරදිද කියලා දැන් කතා කරලා වැඩක් නෑ. නැවතත් යුද්ධයක් ඇති වෙනවාට අපි කැමති නෑ. නැවත යුද්ධයක් ඇතිවෙන්න දෙන්නත් බෑ. සිංහල, දෙමළ, මුස්ලිම්, බාල, මහළු සියලු දෙනාම යුද්ධයට කැමති නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More