දේශීය පුවත්

සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව ක්‍රියාකරමින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ කොමිෂන් සභා පරිශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ගෝලීය තත්ත්වය සළකා බැලීමේදී මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට සිදුවන්නේ පාලිත කොරෝනා වසංගත තත්ත්වයක් යටතේ බවයි.

ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් ලබාදීමට අපේක්ෂිත හා දැනටමත් කෙටුම්පතක් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් හැකි ඉක්මනින් මහ මැතිවරණය පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඡන්ද විමසීම් කාර්ය මණ්ඩලයට යොදා ගැනීමටත්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය නිලධාරීන් මඟින් ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමටත්
වැඩපිළිවෙළක් සකස් කිරීමට බලාපොරෙත්තු වන බවත් ඒ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් වසංගතය සමාජයේ පැතිරෙන්න ඉඩ ලබා දෙන්නේ නැති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More