විදේශ පුවත්

කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඇමරිකාවේ ඇරඹුණු විරෝධතා අතර ලුවිස්විල් හීදි පොසීලිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසුරුවාහැරීමට පොලීසිය මෙම වෙඩි තැබීම සිුකර ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

මේ අතර මෙලෙස වෙඩි ප්‍රහාරයකින් මියගිය පුද්ගලයාගේ අන්‍යතාවය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සිදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මියයාමේ සිද්ධියට විරෝධය පළ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නගර රැසක 6 වන දිනටත් ප්‍රචණ්ඩ විරෝධතා පැවැත්වුණි.

වොෂින්ටනයේ ධවල මන්දිරය අසල පැවති එවැනි විරෝධතාවට පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.

ට්‍රම්ප් පිරිපාලනය මඟින් ප්‍රචණ්ඩ විරෝධතාවල නිරත වූවන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන අතර, කොල්ලකෑමේ සිද්ධීන් රැසක් ද වාර්තා විය.

ධවල මන්දිරයට යාබදව පිහිටි කුඩා උද්‍යානයක රැස්වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුලු ගෑස් මෙන්ම ගම්මිරිස් කුඩු සහ ආලෝක බෝම්බ යොදා ගනු ලැබුවේ ඔවුන් දේපළ වලට හානි කරමින් ඒවා ගිනබත් කිරිමත් සමඟය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More