ව්‍යාපාරික පුවත්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 මැයි මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගිය අතර, 2019 මැයි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 13.2හි සිට 2020 මැයි මාසයේ දී සියයට 9.9 දක්වා පහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 2.1හි සිට 2020 මැයි මාසයේ දී සියයට 1.6 දක්වා පහළ ගියේය.

වාර්ෂික පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 4.8හි සිට 2020 මැයි මාසයේ දී සියයට 4.7 දක්වා සුළු වශයෙන් පහළ ගියේය.

2020 මැයි මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.4ක් ලෙස වාර්තා වූ අතර ආහාර හා ආහාර නොවන කාණ්ඩවල අයිතමයන් හි දක්නට ලැබුණු මිල ඉහළ යෑම මේ සඳහා හේතුවිය. 2020 මැයි මාසයේ දී ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් හි ඉහළ යෑමක් වාර්තා වූ අතර, ප්‍රවාහන සහ විවිධ භාණ්ඩ හා සේවා යන උපකාණ්ඩයන් හි අයිතමවල මිල ගණන් හි ඉහළ යෑම් ඒ සඳහා හේතුවිය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 3.1හි සිට 2020 මැයි මාසයේ දී සියයට 2.9ක් දක්වා පහළ ගියේය. තවද වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 4.7 හි සිට 2020 මැයි මාසයේ දී සියයට 4.4 දක්වා පහළ ගිය අතර එය මාස දොළහකින් වාර්තා වූ අවම අගයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More