දේශීය පුවත්

කුරුණෑගල, මාවතගම ප‍්‍රදේශයේ බෝග වගාවන් ආශි‍්‍රතව සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පළගැටියන් විශේෂයක් ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වේ.

එම පළගැටි විශේෂය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සඳහා සම්පාදනය කෙරෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පළගැටි විශේෂය පොල්, කෝපි, අඹ, බඩඉරිගු, මයියොක්කා හා කෙසෙල් ඇතුළු බෝග රැුසකට දැඩි හානි සිදුකර ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ ය.

සේනා දළඹුවන් වගාවන්ට සිදුකළ හානියට වඩා මෙම පළගැටි විශේෂයෙන් වගාවන්ට වැඩි හානියක් සිදුවිය හැකි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

මේ ගැන සොයා බැලීම සඳහා කෘෂිකර්ම බලධාරීන් ඊයේ අදාළ ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය.

එහිදී සිදු කළ මූලික පරික්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ රංචු වශයෙන් කඩා වැදී මෙම පළගැටි විශේෂය වගාබිම් විනාශ කරන තත්වයට පත්ව ඇති බවය.

පිටෙහි කහ පැහැති ඉරි සහිත මෙවැනිම පළගැටියන් විශේෂයක් මීට පෙර ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසකින්ද වාර්තා වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More