පුරවැසි කොලම

වෛද්‍යතුමියනි සිරුරට අහිතකරවියහැකි ආහාර වර්ග මොනවාද?

අප ගනුලබන ආහාර පාන අතරින් ප‍්‍රධාන වශයෙන්ම සීනි,තිරිඟු පිටි සහ කිරිපිටි ශරීරයට අහිතකරවිය හැකියි.

සීනි

සීනි වැඩිපුර ආහාරයට ගැනිම නිසා දියවැඩියාව ඇතිවීම පමණක් නොව අහිතකර බැක්ටීරියා නිපදවා දත් දිරායාම,ආමාෂයේ අහිතකර බැක්ටීරියා නිපදවා ගැස්ට‍්‍රයිටීස් වැනි රෝග ඇතිකිරීම ආදිය සිදුවෙනවා.

තිරිඟු පිටි

තිරිඟුපිටිවල ඇති ග්ලූටන් නැමති ප්‍රෝටීනය දිරවන්නේ නැහැ. එනිසා සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතිය මගින් ඊට එරෙහිව ක‍්‍රියාකරනවා.

එවිට ගැස්ට‍්‍රයිටීස්, වකුගඩු ආබාධ ආදී රෝග හටගන්නවා. එසේම සිරුරට අහිතකර කොටිසෝල් නැමැති අහිතකර හෝමෝනය නිපදවීමටත් මෙම ග්ලූටන් නැමති

ප්‍රෝටීනය බලපානවා. එනිසා හැකිතාක් පාන් සහ පාන් පිටි වලින් සකස්කළ ආහාර ගැනීම සීමා කළ යුතුයි.

කිරිපිටි

කිරිපිටි දිරවන්නේ වයස අවුරුදු 05ක් පමණ දක්වාය. ඊට හේතුව කිරිපිටි දිරවීමට අවශ්‍ය ලැක්ටෝස් නැමති එන්සයිමය ශරීරයෙන් නිපදවන්නේ වයස අවුරුදු 05 දක්වා පමණක් වීමය. ඉන්පසු අප කිරිපිටි පානය කරනවිට එය දිරවීමට අවශ්‍ය ලැක්ටෝස් නැමති එන්සයිමය ශරීරයෙන් නිපදවන්නේ නැති නිසා කිරිපිටි දිරවන්නේ නැහැ.

ලූණුත් වැඩිපුර ආහාරයට ගැනීම හොඳ නැහැ. වර්තමානයේ අප භාවිත කරන්නේ පිරිසිදු මුහුදු ලූණු නෙමෙයි. පිරිසිදු කරන ලද ලූණුය.

මෙම පිරිසිදු කල ලූණු වැඩිපුර ආහාරයට ගත්විට ශරීරයට අවශ්‍ය පොටෑසියම් නැමති ඛනිජ ලවනය උරාගැනීමේ ගැටලූ මතුවෙනවා. පොටෑසියම් මොළයේ ස්නායු නිපදවීමට අත්‍යවශ්‍ය පෝෂණ ද්‍රව්‍යයකි.

වෛද්‍යතුමියනි අප ශරීරයට සුදුසු ආහාර වර්ග මොනවාද?

හැකිතාක් කාබනික පොහොර යෙ¥ එලළළු පලතුරු අහාරයට ගැනීමට හුරුවිය යුතුයි. එළවළු සහ පලතුරුවල මැග්නීසියම්, සින්ක්,පොටෑසියම් සහ පොස්පරස් නැමැති ඛනිජ ලවන බහුලව තිබෙනවා. මෙම ඛනිජ ලවන ශරීරයට හිතකර හෝමෝන නිපදවීමට සහ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්වීමට උපකාරීවෙනවා.

දිනපතා බෙලිමල්,පොල්පලා,රණවරා,කොත්තමල්ලිසහ දුරු මිශ‍්‍රකර තම්බා සකස්කළ ඖෂධීය පානයක් බොනවානම් ඉතාගුණදායකයි.ඉන් ශරීරයේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්වීම සිදුවෙනවා.  පිළිකා ඇතිවීම වලක්වාගත හැකියි.  සම පැහැපත්වීම සිදුවෙනවා.

විශේෂයෙන් කාන්තාවන් මෙම ඖෂධීය පානය දිනපතා බොනවානම් තම රූපසොබාව පවත්වාගැනීමට අනවශ්‍ය ලෙස විටමින් වර්ග සහ ආලේපන වර්ග සමෙහි ආලේප කිරීම අවශ්‍ය නැහැ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More