දේශීය පුවත්

දකුණු ආසියානු රටවල් කිහිපයක්ම ආක්‍රමණය කර ඇති භෝග විනාශ කරන පළඟැටියන් විශේෂය ශ්‍රී ලංකාවද ආක්‍රමණය කළ හැකි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් පවසන්නේ මෙම කාන්තාර පළඟැටියන් විශාල සංඛ්‍යාවක් ඉන්දියාවේ උතුරු ප්‍රදේශවල ආහාර භෝග වගාවන් විනාශ කර දමා ඇති අතර එම කෘමීන් ක්‍රමයෙන් පාකිස්තානය දෙසට ගමන් කරන බව නිරීක්ෂණය කර ඇති බවයි.

‘මෙම පළඟැටියන් තවමත් ඉන්දියාවේ දකුණු ප්‍රදේශවලට සංක්‍රමණය වී නොතිබුණත් සුළං රටා වෙනස් වීමත් සමග ශ්‍රී ලංකාව දෙසට පැමිණීමේ අවදානමක් තිබෙනවා යැයි’ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනෙකුත් පාර්ශ්වකරුවන් මෙම තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන අතර එම තර්ජන සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම සඳහා කාර්ය සාධක බළකායක්ද පත්කර ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. කීට විද්‍යාඥයන්, භෝග විශේෂඥයන් සහ ප්‍රාදේශීය කෘෂි අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත මෙම කාර්ය සාධක බළකාය වෙත ගොවි බිම්වල ආගන්තුක කෘමීන් පිළිබඳව දැනුම් දෙන ලෙස ගොවීන්ව දැනුවත් කර ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එසේම පළඟැටියන් ආක්‍රමණය කිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය පළිබෝධනාශක හා රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීම මෙන්ම අවශ්‍යතාවක් මතු වුවහොත් ආරක්ෂක අංශවල සහාය ලබාගැනීමද මෙම කාර්ය සාධක බළකාය විසින් සිදුකරනු ඇතැයිද ආචාර්ය වීරකෝන් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More