විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට යොමු කරවීමට කටුනායක ගුවන් තොටුපළේ රාජකාරි සඳහා අනුයුක්තව සිටි යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු කොවිඩ් 19 ආසාදනයවීමෙන් අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
මේ සමගම මෙම නිලධාරීන් දෙදෙනා සමග සමීපව රාජකාරි කළ හමුදා නිලධාරීන් හා සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායනය සඳහා යොමුකර ඇත.
මෙම නිලධාරීන් දෙදෙනා හොරණ හා හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. හොරණ සේවය කළ යුද හමුදා නිලධාරියා හොරණ නගරයේ වෙළෙඳසල් හතරකට ගොස් සිටි නිසා තාවකාලිකව ඒවා වසා දැමීමට හොරණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්හ. මෙම නිලධාරියා ආරක්ෂිත ක්‍රමවේද යොදාගෙන වෙළෙඳසල්වලට පැමිණ තිබුණද වෙළෙඳසල්වල සේවකයන්ව පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...