දේශීය පුවත්

බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ.

එහි සේවය කළ සේවකයන් 300 කට ආසන්න පිරිස මේ වනවිට කම්හල වසා දමා තිබීම හේතුවෙන නිවෙස්වල රැදී සිටින බවත් මේ තත්ත්වය සති තුනක් තිස්සේ පවතින බවත් එහි සේවකයෝ කියති.

මැයි මස මුල් සතියේ බඩඉරිඟු සදහා පාලන මිලක් නියම කරන්නට රජය පියවර ගත් අතර ඒ රුපියල් 55 කි.

එහෙත් ඒ වනවිට ත‍්‍රිපෝෂ ආයතනය ටෙන්ඩර් කැදවා මිලදී ගනිමින් තිබුණේ රුපියල් 58 බැගිනි.

පාලන මිල නියම කිරීමත් සමග එම මිලට ගැලපෙන පරිදි ටෙන්ඩර් කැදවීමට ආයතනයට යළි සිදුවූ අතර මේ වනවිට දෙවතාවක් ටෙන්ඩර් කැදවූ නමුත් තවමත් කිසිවෙකු රුපියල් 55 ට ආසන්න මිලකට ටෙන්ඩර් පත‍්‍රිකා ඉදිරිපත් නොකල බව ත‍්‍රිපෝෂ කම්හලේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ හේතුවෙන් සති දෙකක් පමණ තිස්සේ බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් ති‍්‍රපෝෂ හා සුපෝෂ නිපදවීම මේ වනවිට සම්පූර්ණයෙන් නැවතී ඇති බවත් ඉදිරියේ දී ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට දෙන ත‍්‍රීපෝෂ නවතිනු ඇතැයි ද වෙළද පොලේ සුපෝෂ හිඟයක් ඇතිවනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

ත‍්‍රිපෝෂ ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට නොමිලේ දෙන ආහාරයක් වන අතර සුපෝෂ අතිරේක ආහාරයක් ලෙස වෙළද පොලේ අලෙවියට පොදුවේ අලෙවි කරන්නකි. සුපෝෂ සදහා මේ වනවිට විශාල ඉල්ලූමක් ඇති බවත් ඒ සදහා මසකට රුපියල් මිලියන 75 ක පමණ අලෙවියක් පවතින බවත් හෙතෙම සදහන් කළේය.

ත‍්‍රිපෝෂ කම්හල සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන සමාගමකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More