දේශීය පුවත්

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පස්වරුවේ සිදුකෙරුණි.

හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ දී අවසන් කටයුතු සිදුකෙරුණු අතර එම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ.

කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත් කර තිබු තොන්ඩමන් මහතාගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා රිය පෙරහැරකින් නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත රැගෙන ආ අතර වතු කම්කරු ජනතාව මග දෙපස රැස්වෙමින් දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවේය.

ජනතාව හැසිරවීමේ කටයුතු සඳහා පොලීසිය යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අනුයුක්ත කර තිබු බව සඳහන්.

අවසන් කටයුතු සිදුකෙරුණු නෝර්වුඩ් ක්‍රීඩාංගණය පවුලේ ඥාතීන් හා සමීපතමයින්, කම්කරු පක්ෂ නියෝජිතයින් හා දේශපාලනඥයින් ඇතුළු 200ක පමණ පිරිසකට සීමා කර තිබු බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ.



One thought on “ආරුමුගම් තොණ්ඩමන් මහතා දැයෙන් සමුගනී”

  1. “දැයෙන් සමුගනී?” “දැයෙන්?”
    එයාගේ දැය මොකක්ද කියල පෙන්නල තිබුන පාර්ලිමේන්තුවේ දේහය වහල තිබ්බ කොඩියෙන්.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More