දේශීය පුවත්

සහල් පාලන මිල පැනවීමේදී මෝඩකමක් නොවේ නම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවට ජාතික සංවිධාන විසින් ප්‍රභල මතයක් ගොඩ නැගූ බැවින් විදුර වික්‍රමණායක මහතා විසින් ආණ්ඩුව සහල් මාෆියාවට පරාජය වූ බවට සිදුකළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන මතය විමසන ලදී.

මේ වසන්ත බණ්ඩාර මහතා ඊට ලබාදුන් පිළිතුර ඔහුගේ වචනයෙන්,

” මෝඩකමක් ලෙස හෝ කුමන්ත්‍රණයක් ලෙස හෝ කුමන ආකාරයකට හැඳින්වුවත් අප්‍රේල් 20 දින ගැසටුව මඟින් පැනවූ සහල් මිල මඟින් සහල් කර්මාන්තයට පමණක් නොව වී ගොවියාට ද බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ගොවියාට රුපියල් 50 ක් ගෙවිය හැකි සහ කර්මාන්තයට පැවතිය හැකි මිලක් සහල් වලට නියම කළ යුතුයි කියන එක ඕනෑම බත් කන අයෙකුට තේරුම්ගත හැකියි. ජනාධිපතිතුමා කලේ වරද නිවැරදි කරන එක. ඒක වෘත්තීය සමිති වැටුප් වැඩි කරන ලෙස වර්ජනය කරන විට අතරමැදි ගානකට එකඟ වෙලා වැඩේ බේරගන්නවා වගේ දෙයක් නොවේ. රටේ ආහාර සුරක්ෂිතතාවයට, ගොවීන්ගේ ජිවිතවලට, ග්‍රාමීය ආර්ථිකයට සහ කුඩා සහ මධ්‍යම පරිමාන කර්මාන්තකරුවන්ගේ පැවැත්මට අදාළ ජාතික ප්‍රශ්ණයක් විසඳිම පරාජයක් ලෙස හැඳින්වීම බරපතල පටලවා ගැනීමක්. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More