දේශීය පුවත්

2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ඊපීඩීපී සංවිධානයට එරෙහිව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කොට ප්‍රසිද්ධියට පත් කර ඇති අතර එම වාර්තාව අසත්‍ය සහ ද්වේෂ සහගත බව ප්‍රකාශකරමින් ඩග්ලස් දේවානන්දා මහතා විසින් පොලිසියට පැමිණිලි කරන ලදුව මහාචාර්ය හූල් 2011 අගෝස්තු මස 02වන දින පොලිසියට ප්‍රකාශයක් ලබාදිමෙන් පසු අගෝස්තු මස 04වන දින කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට දැනුම් දී ඇත.

නමුත් අදාල දිනයේදී අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් සාමාන්‍යයෙන් සිදුවන පරිදි මහාචාර්ය හුල්ට වරෙන්තු නිකුත් කර ඇති අතර එය අධිකරණ ක්‍රියාවලියේදී සමාන්‍යයෙන් සිදුවන කටයුත්තක් මිස මහාචාර්ය හූල් පමණක් ඉලක්ක කර සිදුවූවක් නොවීය.
නමුත් අධිකරණයට ඉදිරිපත් වී වරෙන්තුව ආපසු කැදවාගෙන අධිකරණ කටයුතු සදහා සහය වීම වෙනුවට මහාචාර්ය හූල් කර ඇත්තේ වහා රටින් පලා යාමය.

කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහාචාර්ය හූල් අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සදහා නිකුත් කළ වරෙන්තුවට ගරු කරමින්, එම නඩුවට මහාචාර්ය හූල් ඉදිරිපත්ව අදාල වරෙන්තුව ආපසු කැදවූ බවක් මෙතෙක් වාර්තා වී නොමැත. යම් හෙයකින් එම වරෙන්තුව ආපසු කැදවා නැතිනම් මහාචාර්ය හූල් යනු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුව ඇති තවත් එක් වරෙන්තු කරුවෙකුද වන්නේ ය.

ඒ පිළිබඳ විශේෂ හෙඑළිදරව්වක් කරමින් නීතිඥ කපිල ගමගේ මහතා අප වෙත යොමු කළ ලිපියක් මෙසේ පළ කරමු.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

මහාචාර්ය හූල් අත්අඩංගුවට ගැනීම සදහා නිකුත් කළ වරෙන්තුව ආපසු කැදවා නැත්ද?

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More