ප‍්‍රධාන පුවත්

ඊයේ(30) අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට ලොස් ඇන්ජලිස් නුවර නගරාධිපති එරික් ගාර්සෙට්ටි මහතා කටයුතු කර ඇති බව අමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.

” බ්ලැක් ලයිව්ස් මැටර්” නම් සංවිධානයක් විසින් කැඳවා තිබූ සාමකාමී උද්ඝෝෂණය ක්‍රම ක්‍රමයෙන් ප්‍රචන්ඩත්වය කරා වර්ධනය වීම හේතුවෙන් මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ බව නගරාධිපතිවරයා මාධ්‍යයට පැවසීය.

නිරායුධ අමෙරිකානු කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමත්තා  සුදු ජාතික අමෙරිකානු පොලිස් නිළධාරියෙකු විසින් ගෙල සිරිකර මරා දමන දර්ශන සමාජ මාධ්‍යය ජාලා මගින් ප්‍රචාරය වීමත් සමඟම අමෙරිකාවේ වෙසෙන  කළු ජාතිකයන් අතර ඇතිවු නොසන්සුන්තාවය හේතුවෙන් ඇතිවූ විරෝධතාවයන් හතරවෙනි දවස දක්වා දිග් ගැසී ඇති බව එරට මාධ්‍යය වාර්තා කර සිටී.

විරෝධතාවයන් අතර තුර විරෝධතාකරුවන් විසින් පොලිස් මුර සංචරන රථ වලට ගිනි තැබූ අතර පොලිසිය විසින් විරෝධතාකරුවන් 500ක් පමණ අත් අඩංගුවට ගත් බවද ලොස් ඇන්ජලිස් පොලිසිය පවසයි.

ජීවන්ත ජයතිස්ස,
[email protected]

මූලාශ්‍ර –  www.rt.com



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කන්දකාඩු කොරෝනා පොකුර සමාජයට සම්ප්‍රේශණය වීමේ ලකුණු – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

තවත් නව රෝගීන් 43 කට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණ වලින් තහවුරු වේ. ඒ අතුරින් 13 දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය...


Read More

කොරෝනා දෙවැනි රැල්ලකට ඉඩ දෙන්නේ නැහැ – යුද හමුදාපති

කොවිඞ් 19 රෝගයේ දෙවැනි රැල්ලක් රට තුළ ඇතිවිය හැකි බවට සහ යළි ඇඳිරි නීතිය පනවන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කොව...


Read More

කොටි ඩයස්පෝරා සංවිධාන 16 ක් තහනම් කරයි

යාපනය ඉයක්කච්චි හි සිදු වූ සී 4 බෝම්බ පිපිරීම සහ ඔස්ටේ‍්‍රලියාවෙන් යළි කළු කොටි බෝම්බකරුවන් මතුවිම නිසා කොටි ඩයස්පෝරා සංවිධ...


Read More