විදේශ පුවත්

පොලිසිය සිදු කළා යැයි වසන ඝාතනයකට විරෝධය දක්වමින් පසුගිය බ්‍රහස්පතින්දා ඇමරිකා එක්සත් ජනපදයේ Minnesota ප්‍රාන්තයේ පොලිස් මූලස්ථානය විරෝධතා කරුවන් පිරිසක් විසින් කඩා බිඳ දමා ගිනි තබා ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

විරෝධතාවය ආරම්භ වී පැයකටත් අඩු කාලයකදී පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී තිබේ. ප්‍රාන්ත රජය විසින් පන්සීයක පොලිස් නිලධාරීන් හා හමුදා භටයන් එදින හවස් වන විට තත්ත්වය පාලනය කිරීම සඳහා යොදවන බවට නිවේදනය කර තිබුණද දිනය හවස් වන විටත් කිසිදු ආරක්ෂක භටයකු දක්නට නොලැබුන බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

මෙලෙස මියගොස් ඇත්තේ George Floyd නම් ඇමරිකානු කළු ජාතිකයෙකු වේ. සුදු ජාතික නිලධාරියෙක් විසින් විනාඩි අටකට අධික කාලයක් අමානුෂික ලෙස තම දණහිසින් George Floyd ගේ ගෙල සිර කිරිම නිසා ඔහු මියගොස් ඇත. එම  අවස්ථාවේදී ඔහු මාංචු සහිතව සිටි අතර තමාට හුස්ම ගත නොහැකි බව දිගින් දිගටම පැවසුවද පොලිස් නිලධාරියා විසින් ග්‍රහණය ලිහිල් කර නොමැත.

එක්සත් ජනපදය තුළ පසුගිය වසරේදී පමණක් දහසකට වැඩි පිරිසක් පොලීසිය විසින් වෙඩි තබා හෝ වෙනත් අයුරකින් ඝාතනයතනය කර ඇති බවට වොෂින්ටනයෙන් ලැබෙන දත්ත වල දැක්වේ.  එම වාර්තාවලට අනුව, කළු ඇමරිකානුවන් පොලිසිය විසින් ඝාතනය කර ඇති අනුපාතය සුදු ජාතිකයන්ට වඩා අසාමාන්‍ය ලෙස වැඩි බව සඳහන් වේ.

මූලාශ්‍ර www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More