දේශීය පුවත්

වාලච්චේන පිහිටි ජාතික කඩදාසි සමාගම ම`ගින් නිපදවන කඩදාසි මෙරට සිසු දරුවන් සහ රාජ්‍ය සේවකයන් පරිහරණ්‍ය කරන දිනය වැඩි ඈතක නොවක බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (30) දිනයේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප‍්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත‍්‍රය පණගන්වා එම`ගින් ‘‘ පරීක්ෂණ කඩදාසි නිෂ්පාදනය ’’ එළිදැක්වීම නිරීක්ෂණයෙන් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය

වැඩිදුරටත් අදහස් දක්වමින් එ් මහතා මෙසේද සදහන් කළේය.

‘‘ 1956 දී නැගෙනහිර ජර්මනියේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙරට අමිල ජාතික සම්පතක් වූ ජාතික කඩදාසි සංස්ථාව මීට ඉහත දී ඉතා අවාසනාවන්ත ලෙස වැසී යාමට සලස්වා තිබුණා. එ් වගේම පසුගිය ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වූ රිෂාඞ් බදියුදීන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ජාතික සම්පත ඈවර කිරීමට කටයුතු යොදා තිබුණා. එම`ගින් මෙම කඩදාසි කර්මාන්ත ශාලාව සතු යන්ත‍්‍ර සූත‍්‍ර අබලි ද්‍රව්‍ය ලෙස සලකා යකඩ වශයෙන් විකුණා දැමීමටත් ඉඩකඩ ලබා ගෙන තිබුණා.

එවැනි තත්වයක් යටතේ තිබුණු මෙම කර්මාන්ත ශාලාවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අනුව යමින් යළි පණ දිය යුතු බව අප තීරණය කරනු ලැබුවා. අපි මේ වසරේ ජනවාරි 15 වැනිදා පළමුවරට මෙම කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ ඊට යළි පණ දිය හැකි යැයි සිතෙන තත්වයක් තිබුණේ නැහැ. නමුත් අපි ජාතික කඩදාසි සමාගමට පත් කරනු ලැබූ සභාපතිවරයා වූ රූපසිංහ මහතා ඇතු`ඵ අධ්‍යක්ෂ මණ්ඩලයේත්, දේශීය හා විදේශීය ඉංජිනේරුවන් කිිහිප දෙනෙකුගේත්, නාවික හමුදාවේ ඉංජිනේරු බලකායේ හා යුද හමුදාවේත් සුවිශාල දායකත්වය සම`ග අද වන විට මෙම කර්මාන්ත ශාලාවේ කඩදාසි නිපදවන ප‍්‍රමාණ යන්ත‍්‍රය යළි පණ ගැන්වීමට හා එම`ගින් පරීක්ෂණ මට්ටමින් කඩදාසි නිෂ්පාදනය කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා. යන්ත‍්‍රයේ පවතින ඉතා සු`ඵ අඩුපාඩු කම් ම`ග හරවා ගනිමින් 60 – 200 ජී එස් එම් අගයන්ගෙන් යුත් වාණිජ මට්ටමේ කඩදාසි හා බෝඞ් නිෂ්පාදනය කිරීමට අපට නුදුරේම හැකියාව ලැබේවි.

මහ මැතිවරණයෙන් පසුව එම ප‍්‍රධාන යන්ත‍්‍රය පමණක් නොවෙයි අනෙක් කඩදාසි නිෂ්පාදන යන්ත‍්‍රය ද පණ ගන්වාගෙන මෙම කර්මාන්ත ශාලාව විවෘත කොට එම`ගින් පෙර පරිදි දේශීය වශයෙන් මෙම කර්මාන්ත ශාලාව නිපදවූ ‘‘ ෆයිල් කවරය’’ හා ‘‘ ෆුල්ස්කැප් කොළය’’ යළි මේ රටේ ජනතාව අතට පත් කිරීමට හැකිවේවි, කියන විශ්වාසය අපට තිබෙනවා. එ් වගේම මෙම කර්මාන්ත ශාලා පරිශ‍්‍රය සතු අක්කර 500ක භූම් භාගය බහුවිද සංවර්ධන ව්‍යාපෘති සහිතව සංවර්ධනය කිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවක් ද අප ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ අපයක් සහිතව බැංකු ම`ගින් ඉදිරියේදී රුපියල් මිලියන 800ක ණය මුදලක් මෙම ආයතනයට ලැබේවි. ඒ බහුවිද සංවර්ධන ව්‍යාපෘති ද ඇතුළත්ව සිදු කෙරෙන කටයුතු සම`ග අපට ඉදිරි වසර කිහිපය තුළ ජාතික කඩදාසි සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි බවට වන විශ්වාසයක් ද අප සතුයි. එසේම සූර්ය බලශක්ති පැනල ම`ගින් මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ද දැන් සැලසුම් කරමින් තිබෙනවා.
එ් නිසා අපි ඉතාමත් විශ්වාසයෙන් කියනවා මර නින්දකට වැටි තිබුණු වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගේ හා වත්මන් ආණ්ඩුවේ බලාපොරොත්තු ඉටු කරමින් නැවත පණ ගැන්වෙන දිනය වැඩි ඈතක නොවෙයි. කියා. ඒ වගේම මෙම කඩදාසි කර්මාන්ත ශාලාවේ නිපදවන කඩදාසි පරිහරණය කරන්න අපේ රටේ දරුවන්ට හා රාජ්‍ය සේවයට ලැබෙන දිනයත් වැඩි ඈතක නොවෙයි. මර නින්දකට වැටී තිබූ මේ දැවැන්ත යන්ත‍්‍රය අද පණ ගැන්විලා තිබෙනවා, පමණක් නොවෙයි එම`ගින් කඩදාසි නිපදවෙමින් තිබෙන බව නිරීක්ෂණය කිරීමට අපට ලැබුණා. ඒ නිසා ඉදිරි ඉලක්ක ඉතා පැහැදිලිව අපට ජය ගත හැකියි

මෙම මාධ්‍ය හමුවට ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති, විමල් රූපසිංහ, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රුවන් සේනාරත්න, නාවික හමුදා ලූතිනන් ප‍්‍රියංක ජයසිරි යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More