දේශීය පුවත්

ත්‍රීකුණාමලයේ පිහිටි ඉන්දියාව සතුව පවතින තෙල් ටැංකි 25ක් ශ්‍රී ලංකා රජයට ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් අදාළ ඉල්ලීම සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල පහත වැටී ඇති අවස්ථාවේ ඉන්ධන මිල දී ගෙන ගබඩා කිරීමේ පහසුකම් නොමැතිවීම ශ්‍රී ලංකා රජයට ප්‍රධාන ගැටලුවක් වී තිබේ.

එම නිසා ත්‍රීකුණාමලයේ පිහිටි ඉන්දීය ඔයිල් සමාගම සතුව පවතින තෙල් ටැංකි 25ක් පමණ ශ්‍රී ලංකා රජයට ලබා දෙන ලෙස ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අදාළ ඉල්ලීම සිදුකිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ ඉන්දීය මහකොමසාරිස් ගෝපල් බාග්ලේ මහතා හමුවීමට තීරණය කර ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More