විදේශ පුවත්

අමෙරිකාවේ මිනෝපොලිස් නගරය ආශ්‍රිතව දින හතරක් තිස්සේ ඇවිලී යන ප්‍රචන්ඩත්වය පිටුපස සුදු ජාතික ආධිපත්‍යය සිටින්නේදැයි සැක සිතෙන බව මිනෙසෝටා ආන්ඩුකාර ටිම් වොල්ස් මහතා පවසයි.

ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා කරුවෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වොල්ස් මහතා මෙසේ පැවසූ බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කර තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිම් වොල්ස් මහතා ” මට නිශ්චිත වශයෙන්ම  තත්වය මෙය යැයි කිව නොහැකියි. නමුත් සිදුවෙමින් තිබෙන කරුණු වලට අනුව බරපතල සැකයක් ඇතිවෙනවා.” යනුවෙන් පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වොල්ස් මහතා පවසා සිටියේ ඔහු වෙත ෆෙඩරල් ආයාතන වලින් ලැබෙන බුද්ධි තොරතුරු වලට අනුව තහනම් මත් ද්‍රව්‍යය වෙළෙඳ කල්ලි එකතුව තනාගත් කාටල විසින් ඇතිවී තිබෙන තත්වය ඔවුන්ට වාසි සහගත ලෙස කළමනාකරණය කර ගැනීමට උත්සහා කරමින් සිටින බවයි.

සමාජ මාධ්‍යය තුළද “දෙඇස් උඩ යන” අන්දමේ තොරතුරු හුවමාරු වන බව පවසන වොල්ස් මහතා විනාශ කරන ලද ගොඩනැගිලි මෙන්ම අරාජිකවාදී සංකේත සමාජ මාධ්‍යය තුළ සංසරණය වන බවද පැවසීය. මේ අතර සමහර දේශපාලන විශ්ලේෂකයන් පවසා සිටින්නේ මිනෝපොලිස් ප්‍රදේශය ආශ්‍රිතව මෙන්ම අමෙරිකාව පුරා පැතිරී යන ප්‍රචන්ඩ රැල්ල පිටුපස ෆැසිස්ට්වාදීන් මෙන්ම අන්තවාදී වාමාංශික කණ්ඩායම් සිටින බවයි. වොල්ස් මහතාට අනුව ඇතිවී තිබෙන තත්වය ඉදිරියේදී තවත් නරක හැරීමට නියමිතය.

ඊයේ(30) පැවති උද්ඝෝශන මැඩ පැවැත්වීමට අවශ්‍යය යැයි ඇස්තමේන්තු කළ පොලිස් නිළධාරින් ගණනට වඩා නිළධාරින් 700ක් ගෙන්වීමට සිදුව ඇති බවද විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණි.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

මූලාශ්‍ර www.rt.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More