ඉදිරි සතියේදීත් බාහිර සමාජයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයට පත්වුවහොත් පොසොන් පොහොයෙන් පසු දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පැවසීය.
ඒ අනුව රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා දැනට පනවන ඇඳිරි නීතිය හා ඉරිදා දිනයන්ට පනවන ඇඳිරි නීතියද ඉවත් වීම කෙරෙහි අවධානය යොමුව ඇත.
කොරෝනා සමග ජීවත් වෙමින් රට සාමාන්‍යකරණය වීම නිසා මෙම තීන්දුව ගැනීමට නියමිතය.
ඒ අනුව ලබන ජුනි 04 හා 05 දෙදින රටපුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ජුනි 06 සෙනසුරාදා සිට සුපුරුදු පරිදි රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...