දේශීය පුවත්

වත්මන් රජය සහල් ඒකාධිකාරිය ඉදිරියේ දණ නැමූ බවත් එනිසා රජය අසමත් බව අකමැත්තෙන් වුවද තමන් පවසන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

අද මෙරට ගොඩනැඟී ඇති සහල් ඒකාධිකාරිය කොතරම් බලවත්දැයි කිව්වොත් ආණ්ඩුවට පවා ඒ ඉදිරියේ දණ නමස්කාර කිරීමට සිදුව තිබෙන බවද ඔහු පැවසීය.

නමුත් මේවාට තවදුරටත් ඉඩ දිය නොහැකි බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් එසේ වුවහොත් මෙම සහල් ඒකාධිකාරය මැඩලීමට හැකිවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

දැනට මාස එකහමාරකට දෙකකට කලින් සහල් සඳහා එක මිලක්ද ඊට ඊට පසු තවත් නව මිලක්ද අද තවත් මිලක්ද පනවා ඇති නිසා රජය අසමත් වී ඇති බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුවේ හොරණදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

විදුර වික්‍රම මහතා මෙසේ පැවසූවත් පාරිභෝගිකයාට සහ ගොවියාට මෙන්ම සහල් කර්මාන්තකරුවාට පැවතිය හැකි සහ රටේ වී වගාව සහ ආහාර සුරක්ෂිතතාවය සහතික කළ හැකි මිලක් ලබා දෙන ලෙස ජාතික සංවිධාන නියෝජනය කරන විද්වතුන්ගේ ද මතය විය.

එම මතය නියෝජනය කරමින් අප සෑම විටම අදහස් ඉදිරිපත් කළ අතර පසුගිය දිනවල අප විසින් පළ කළ ලිපියක් මෙසේ පාඨක ඔබගේ අවධානයට යොමු කරන්නෙමු.

සම්පූර්ණ ලිපිය පහතින් – 

වී වගාවට සහ සහල් කර්මාන්තයට වින කටින්නේ සහල් මාෆියාවක් ද නැතහොත් තිරිඟු පිට මාෆියාව ද?

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More