එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරිම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
සමගි ජන බලවේගයේ විශේෂ රැස්වීමකදී පසුගිය සිකුරාදා (29 වැනිදා) පස්වරුවේ මෙම තීරණය ගනු ලැබීය. මෙම විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීන්දුවලට පිටුපා කටයුතු කිරීම, බහුතර සාමාජිකයින්ගේ කැමැත්තට අනුව සමගි ජන බලවේගය පිහිටුවීමට ලබා දුන් තීන්දුවට එරෙහිව කටයුතු කිරීම, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් රැවටීම, වත්මන් රජය සමඟ රහසිගතව සම්බන්ධ වී කටයුතු කිරීම, පාක්ෂිකයින්ගේ විඳ දමා රැවටීම යන කරුණු එම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 40 දෙනෙකු මේ වන විට නියෝජනය කරන්නේ සමගි ජන බලවේගයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...