විදේශ පුවත්

ඉන්දියා චීන දේශසීමාවේ පිහිටි මතබේදාත්මක කාෂ්මීර කලාපයේ, ලඩාක් හි ගැල්වාන් නිම්නයට චීන හමුදා භටයන් දහස් ගණනක් බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා පවසන්නේ මැයි මස මුලදී චීන හමුදා විසින් ප්‍රදේශයේ කූඩාරම් සවිකර බර අවි ද ගෙනවිත් ඇති බවයි.

එම ප්‍රදේශය ඉන්දියාව සිය භූමි ප්‍රදේශයක් ලෙස සලකනු ලැබූ බවද සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධව ඉන්දීය නායකයින් සහ හමුදා ප්‍රධානීන් මවිතයට පත්ව ඇතැයි ද වාර්තා වේ.

ඉන්දියාව, උස් භූම් ප්‍රදේශයක පිහිටි ගුවන් කඳවුරකට කිලෝමීටර් සියගණනක් දිග ගමන් මාර්ගයක් ඉදිකිරීමෙන් පසුව චීනය විසින් මෙම පියවර ගෙන තිබේ.

චීනයේ පණිවුඩය දිල්ලි පාලකයින්ට පැහැදිලිව පෙනෙන බවත් මෙය සාමාන්‍ය ආක්‍රමණයක් නොවන බවත් ඉන්දීය හමුදාවේ කර්නල්වරයෙකු ලෙස සේවය කළ අජයි ශුක්ලා මහතා පවසා ඇත.

“තත්ත්වය බරපතලයි. ඉන්දියාවේ කොටසක් ලෙස චීනය විසින්ම පිළිගෙන තිබූ භූමියට ඔවුන් පැමිණ ඇත. එය සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකි.” යැයි ඔහු පවසා ඇත.

මේ සම්බන්ධව වෙනස් මතයක් දරන චීනය කියා සිටින්නේ භූමිය පිළිබඳ කරුණු වෙනස් කර ඇත්තේ ඉන්දියාව විසින් බවයි.

මෙම උණුසුම් වාතාවරණය ලඩාක් වල පමණක් නොව ඉන්දියාවේ ඊසාන දිග සිකිම් ප්‍රාන්තයේ චීන දේශ සීමාවේ පිහිටි නාකු ලා ප්‍රදේශයේදී ද උද්ගතව ඇති බව සඳහන් වෙයි.

දෙපසම සෙබළු ඇසිපිය නොහෙලා බලා සිටින බවත් මෙම මස මුලදී සෙබළුන් අතර ගැටුමක් හටගත් බවත් පැවසේ.

අවස්ථා දෙකකදී ලඩාක්හි දී දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිවූ බව ද ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාව සහ චීනය අතර කිලෝමීටර් 3 440කට වඩා වැඩි දේශ සීමාවක් පවතී.

ඔවුනොවුන්ගේ දේශසීමා මුර සංචාර බොහෝවිට එකිනෙක ගැටෙන නමුත් දෙපාර්ශ්වයම කියා සිටින්නේ දශක හතරක් තුළ කිසිදු උණ්ඩයක් පිටනොවූ බවයි.

දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කර ගන්නා අතර ඉන්දියාව විසින් ෂියෝක් ගඟ දිගේ මාර්ගයක් ඉදිකරමින් යටිගල පහසුකම් නංවාලීමට ගත් තීරණය බීජිං පරිපාලනය කෝපයට පත්කළ බව පෙනෙන්නට තිබේ යැයි ශුක්ලා මහතා පවසයි.

(බීබීසී ඇසුරිණි – 085)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More