මුහුණු පොතෙන්

සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව විශාලතම ගුවන් යානයේ ප්‍රථම චාරිකාව ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේදී සිදුකර ඇතැයි වාර්තා වේ.

සෙස්නා කැරවන් නම් ආසන නවයක් සහිත මෙම යානයෙන් කිසිදු කාබන් විමෝචනයක් සිදුනොවන බව එහි නිශ්පාදක සමාගම වන මැග්නික්ස් ආයතනය පවසයි.

යානයට පැයට සැතපුම් 114ක වේගයෙන් ගමන් කළහැක.

2021 අවසන් වනවිට යානය වාණිජ ගුවන් ගමන් සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව ද නිශ්පාදකයෝ පවසති.

මෙවැනි විද්‍යුත් ගුවන් යානයක පියාසර පැයක් සඳහා වැයවන්නේ අඩු පිරිවැයක් බවත් කුඩා ගුවන්තොටුපල හරහා සිදුකරන අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වඩාත් වාසිදායක වනු ඇති බවත් පරිසර දූෂණය අවම වීම ප්‍රධානම ප්‍රතිලාභය බවත් මැග්නික්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රෝයි ගන්සාර්ස්කි පවසයි.

යානයේ මගීන් නවදෙනකුට ගමන් කළ හැකි වුවත් ප්‍රථම ගුවන් ගමන සඳහා සහභාගී වී ඇත්තේ ගුවන් නියමුවා පමණි.

(බීබීසී ඇසුරිණි – 085)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More