දේශීය පුවත්

දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලට ප්‍රහාරය එල්ල කළ ජමීල් මොහොමඩ් නැමැත්තා පිළිබඳව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ප්‍රහාරයට පෙර අප්‍රේල් 8 වැනිදා වාර්තාවක් යවා තිබූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (29) අනාවරණ වුණි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ඉහළ නිලධාරියෙක් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ පළමුවෙන් සාක්ෂි දුන්නේ  tropical in ලැගුම්හලේ සිදු වූ පිපිරීම පිළිබඳ CCTV දර්ශන එක් රැස් කළ, දෙහිවල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රසාද් මහතායි.

එම පිපිරීමට සම්බන්ධ, අවශ්‍ය සියලුම සීසීටීවී දර්ශන ඊයේ කොමිසමට ඉදිරිපත් කරණු ලැබුවේය.

tropical in ලැගුම්හලේ පිපිරීමට අදාල බෝම්බකරු ජමීල් මොහොමඩ් නැමැත්තා පිපිරීම සිදුවූ දින දෙහිවල ශාන්ත මරියා දේවස්ථානය දැඩි ලෙස නිරීක්ෂණය කළේද නැද්ද යන්න පිළිබඳව ඊයේ කොමිසමේ වැඩි අවධානයට ලක් වුණි.

සාක්ෂි ලබා දෙමින් උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රසාද් මහතා එහිදී සඳහන් කළේ බෝම්බකරු පාගමනින් දේවස්ථානය ඉදිරි පිටින් ගමන් කරන ආකාරය අසළ ඇති සීසීටීවී දර්ශනවල සඳහන්ව තිබුණද දේවස්ථානය නිරීක්ෂණය කරන ආකාරයක් එහි දක්නට නොලැබෙන බවයි.

එසේම දේවස්ථානය පසුකරන් කෙටි දුරක් ගමන් කරන ඔහු ත්‍රීරෝද රථයක නැගී වැල්ලවත්ත දෙසට යන ආකාරයත් එම සීසීටීව වල සඳහන්ව තිබෙන බව උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රසාද් මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

දේවස්ථානයේ සීසීටීවී දර්ශන නීරීක්ෂණය කළේදැයි පසුව කොමිසම නිලධාරියාගෙන් විමසා සිටියේය.

දේවස්ථානයේ ඇතුළේ ඇති සියලු සීසීටීවී දර්ශන තමා විසින් නිරීක්ෂණය කළ බවත් ගාලුපාර දෙසට යොමු කළ සීසීටීවී කැමරාවක් දේවස්ථානයේ නොතිබූ බවත් එහිදී ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් දේවස්ථානය ආසන්නයේම තිබූ අතපත්තු නම් වූ අතුරු මාර්ගයේ යොදා තිබූ සීසීටීවී කැමරාවද විශේෂ පරීක්ෂාවට ලක්වූ බවත් එම සීසීටීවී කැමරාවේද බොම්බකරු එම මාර්ගයේ ගමන් කරන බවක් දක්නට නොලැබෙන බවත් නිලධාරියා එහිදී සඳහන් ක‍ළේය.

ඉන් පසු කොමිසම හමුවේ පෙනී සිටියේ දෙහිවල tropical in ලැගුම්හලේ සිදු වූ පිපිරීම පිළිබඳව විමර්ශනය කළ  ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ඉහළ නිලධාරියෙක්.

ඔහුගේ නම මාධ්‍යයට අනාවරණය කෙරුනේ නැහැ.

දෙහිවල tropical in ලැගුම්හලේ පිපිරීමට අදාල බෝම්බකරු යම් ජමීල් මොහොමඩ් නැමැත්තා පිළිබඳව යම් තොරතුරක් ප්‍රහාරයට පෙර ලැබී තිබුණේ දැයි රජයේ අධි නීතිඥවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.

එම අවස්ථාවේ සාක්ෂිකරු සඳහන් කළේ 2017 දෙසැම්බර් 9 වන දා එවක පොලිස්පති පූජිත් පූජිත ජයසුන්දර මහතා අත්සන් තැබූ බුද්ධි තොරතුරක් තම කොට්ඨාශයට ලැබුණු බවයි.

පිටු තුනකින් සමන්විත අදාල බුද්ධි තොරතුරේ සඳහන්ව තිබුණේ dehiwala tropical inn ලැගුම්හලේ ප්‍රහාරය සිදු කළ ජමීල් මොහොමඩ් නැමැත්තා ISIS මතවාදය දරන පුද්ගලයෙක් බවත් මොහු ෂරියා නීතිය ක්‍රියාත්මක වන ඉස්ලාම් රාජ්‍යයක ජීවත් වීම තරයේ විශ්වාසකරමින් සිටි පුද්ගලයෙක් බවයි.

කෙසේ වෙතත් 2018 අප්‍රේල් 12 වනදා ජමිල් මොහොමඩ් නමැත්තාගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් ඒ පිළිබඳව පොලිස්පතිවරයාට දන්වා යවා තිබූ  බවත් සාක්ෂිකරු පැවසුවේය.

එමෙන්ම ජමිල් මොහොමඩ් නමැත්තා අන්තවාදයට නැඹුරු වී ඇතැයි සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවත් ඔහුට නිශ්චිත රැකියාවක් නොමැති නිසා ඔහු පූර්ණ කාලීනව නිවසේ බිරිඳ සහ දරුවා සමඟ රැඳී සිට ඇති බවත් පොලිස්පතිවරයාට යැවූ වැඩිදුර වාර්තාවල සඳහන්ව තිබුණු බව විමර්ශන නිලධාරියා සඳහන් කළේය.

ඒ අනුව එහි අවසන් වාර්තාව 2019 අප්‍රේල් 8 වනදා පොලිස්පතිවරයාට යවා ඇති බවයි පරීක්ෂා කල විමර්ශන නිලධාරියා කොමිසමට පැවසුවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More