දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද පෙරවරුවේ මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

මහනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා පළමුවෙන්ම ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගත් අතර, ඉන් අනතුරුව මල්වතු මහා විහාරයට ගොස් එහි මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැදුටුවේ ය.

පසුව අස්ගිරි මහා විහාරයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි මහනායක අතිපූජ්‍ය වරකාපොළ ශ්‍රී ඤාණරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More