ව්‍යාපාරික පුවත්

පාලන මිල ඉක්ම වූ මිල ගණන්වලට කහ සහ බඩඉරිඟු අලෙවි කෙරෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මිල පාලනයට අනුව කහ කිලෝවක මිල රුපියල් 750ක් වන නමුත් වෙළෙඳපොළේ අලෙවි වන්නේ කිලෝව රුපියල් 2000කට ආසන්න මුදලකටය.

බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 55ක් වුවද අලෙවි වන්නේ රුපියල් 65කටය. පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසල් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි.

වෙළෙඳපොළේ බඩ ඉරිඟු හිඟයක්ද පවතින අතර එය කුකුළු කර්මාන්තයේ ආහාර නිෂ්පාදනය සඳහාද බලපා තිබේ. සුළු පරිමාණ බඩ ඉරිඟු නිෂ්පාදකයන් රජයේ ඉල්ලීම මත බඩ ඉරිඟු තොග වෙළෙඳපොළට මුදා හැර තිබේ.

එහෙත් උතුරුමැද පළාතේ සිටින මහා පරිමාණ බඩ ඉරිඟු තොග ව්‍යාපාරිකයන් සිය තොග මෙතෙක් වෙළෙඳපොළට මුදා හැර නොමැති බවද වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More