දේශීය පුවත්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට තිබූ අවස්ථාව අහිමි වීමේ සංවේදී සිදුවීම ගැන අප වෙත වාර්තා වේ.

වෛද්‍යවරියක වන කෝදේයි නාච්චියාර් තොණ්ඩමන් මෙනවිය සේවය කරන්නේ ඕමාන්හි මස්කට් නගරයේය. සිය පියා අභාවප්‍රාප්ත වනවිට ඇය රැඳී සිටියේ මස්කට්හීය.

අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ඇයට හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය වුවද ඊට නිරෝධායන නීති හරස් වී තිබේ. අවසානයේ තොණ්ඩමන් දියණිය මස්කට්හිදී පී.සී.ආර්. පරීක්ෂණයකට භාජන වී අනතුරුව ඉන්දියාවේ කැලිකට් වෙත එන ගුවන් යානයකින් එරටට පැමිණ ඇත. එහිදී සිය පියාගේ අවමංගල්‍යයට සහභාගි විය යුතු බව කියමින් වැළපෙමින් සිටි ඇය පවුලේ ඥාතීන් විසින් කුලියට ගත් ගුවන් යානයක් මගින් කටුනායකට කැඳවාගෙන විත් තිබේ. එහෙත් පවත්නා නිරෝධායන විධි විධාන අනුව ඇය දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බැවින් මීගමුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

පවුලේ ඥාතීන් ඇය සිය පියාගේ අවමගංල්‍ය අවස්ථාවට දියණිය සහභාගී කරවන ලෙස ඉල්ලා සිටියද මෙම ප්‍රවෘත්තිය ලියන මොහොත වනතෙක් තොණ්ඩමන් දියණියට ඒ සඳහා අවසර ලැබී තිබුණේ නැත. පියාගේ අවමංගල්‍ය අවස්ථාව Zoom තාක්ෂණය ඔස්සේ ඇයට නැරඹීමට අවස්ථාවක් ලබාදිය හැකියැයි අදාළ බලධාරීන් විසින් යෝජනා කර තිබූ බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More