පුරවැසි කොලම

කොටි පරාජය කිරීමේ 11 වැනි සමරු දිනයේදී 14000 ක් රණවිරුවන්ට උසස්වීම් දීමට මානව හිමිකම් කොමිසම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා සහ ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් අවසර ගත යුතුද?

රණවිරුවන්ට උසස්වීම් දීම ගැන පසුගිය සඳුදා  (25 දා) ප‍්‍රකාශයක් කළ යස්මින් සුකා නමැත්තිය ‘සංහිඳියාව ඉවරයි. ජාත්‍යන්තර ප‍්‍රජාවට ජනපති අවමන් කළා’ යැයි කියා සිටියාය. ඇය වඩාත්ම කෝපයට පත්වූයේ බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස සේවය කළ පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා මේජර් ජනරාල්වරයකු ලෙස උසස් කිරීමයි. මේ හැර පරාක‍්‍රම රණසිංහ, ජගත් කොඩිතුවක්කු, චන්න වීරසූරිය, චන්න මාරසිංහ යන බි‍්‍රගේඩියර්වරු විජයග‍්‍රහණ දිනයේදී මේජර් ජනරාල්වරුන් ලෙස උසස් කිරීම ගැන ද ඇය නොසතුට පළකරමින් උසස්වීම් ලත් මේජර් ජනරාල්වරු පස්දෙනා යුද අපරාධකරුවන් යැයි චෝදනා කළාය.

එහෙත් මේ කිසිදු හමුදා නිලධාරියකුට එරෙහිව පරීක්‍ෂණ හෝ නඩු ගොනුවී ඔවුන් වරදකරුවන් වී නැත.

මේ හමුදා නිලධාරීන් පිරිසට එරෙහිව නඩු අසා සාක්‍ෂි විමසා තීන්දු දී ඇත්තේ කොටි ඩයස්පෝරාවේ අරමුදල් මත යැපෙන යස්මින් සුකායි.

යස්මින් සුකා පමණක් නොව ජර්මනියේ සිට කි‍්‍රයාත්මක වන ජේ. ඞී. එස්. නමැති එන්. ජී. ඕ. සංවිධානය මෙහෙයවන රෝහිත භාෂණ අබේවර්ධන නමැත්තා ද හමුදා නිලධාරීන් 177 කට උසස්වීම් දීම සත්‍ය සහ යුක්තිය ව්‍යාපාරය හෙළා දැක ඇතැයි කියා සිටියේය. මේ ව්‍යාපාරය මෙහෙයවන්නේ යස්මින් සුකායි. ඇය තවදුරටත් මෙලෙස පවසා ඇත.

‘‘මේජර් ජනරාල් පි‍්‍රයංක ප‍්‍රනාන්දු, බි‍්‍රතාන්‍ය අධිකරණය විසින් වරදකරු කළා. එවැනි නිලධාරියකුට උසස්වීම් දීමෙන් ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍ය අධිකරණ පද්ධතිය හෑල්ලූවට ලක් කළා.’’

මෙහිදී මතුවන ප‍්‍රශ්නය ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍ය අධිකරණය පිළිගත යුතු ද යන පි‍්‍රයංක ප‍්‍රනාන්දුට උසස්වීම් දීමට වෙස් මිනිස්ටර් අධිකරණයෙන් අවසර ගත යුතුද යන්නයි.

ඉරාක යුද්ධියේදී යුද අපරාධ සිදුකිරීම ගැන බි‍්‍රතාන්‍ය සෙබළුන්ට චෝදනා එල්ල වී ඇත. මේ කිසිදු චෝදනාවක් පිළිබඳව අද වනතුරු විමර්ශනය කර නැත.

බි‍්‍රතාන්‍ය සෙබළුන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන එරට මාධ්‍ය හිටපු අගමැතිනි තෙරේසා මේ ගෙන් ප‍්‍රශ්න කළ විට ඇය පැවසුවේ ‘එය අපේ වැඩක්’ අපි ඒ ගැන බලාගන්නම්’ යනුවෙනි. එසේනම් යස්මින් සුකා නමැති දකුණු අපි‍්‍රකානු කාන්තාවට ශී‍්‍ර ලංකාවේ හමුදාවට උසස්වීම් දීම ගැන ඇති රුදාව කුමක්ද?

නෙල්සන් මැන්ඩෙලාගේ බිරිය වූ විනි මැන්ඩෙලාට සහ අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයට විවිධ අපරාධ සම්බන්ධ චෝදනා එල්ල වූ විට යස්මින් සුකා ඒ ගැන පරීක්‍ෂණ පැවැත් වූයේ නැත.

සුකා ජාත්‍යන්තර ප‍්‍රජාව අවුස්සමින් පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ න්‍යාය පත‍්‍රයෙන් සංහිඳියාව අහෝසි වී ඇති බවයි. මේ සංහිඳියා න්‍යාය පත‍්‍රයට එකඟ වූ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මෙහෙයවන සරවනමුත්තු ප‍්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන ජාලය සහ බටහිර රටවල් මිස ශී‍්‍ර ලංකාවේ ජනතාව නොවේ.

සංහිඳියාව නමැති බොරුවට පයින් ගැසූ මෙරට ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ ජනපති කළේය. එසේ නම් මෙරට සංහිඳියාවක් කුමකටද? යහපාලන රජයේ සංහිඳියාව මැද බෝම්බ පුපුරුවා මහා විනාශයක් කළේ සහරාන් ප‍්‍රමුඛ කණ්ඩායමයි. මේ අන්තවාදීන් ගැන සුකා අද වනතුරු විමර්ශනයක් සිදු කළේ නැත.

රටේ ජනතාවට බලෙන් ඇතුළත් කරනු ලැබූ සංහිඳියාව නිසා ආරක්‍ෂක බුද්ධි සේවාව මුළුමනින්ම අරාජික විය. එය සනාථ වූයේ හිටපු හමුදාපති පාස්කු ප‍්‍රහාරය වෙබ් අඩවියකින් දැනගැනීමයි. නියෝජ්‍ය පොලිස්පතිවරයකු පාස්කු ප‍්‍රහාරය දුටුවේ විiුත් නාලිකාවකිනි. මීගමුවේ බුද්ධි නිලධාරියකු පැවසුවේ තමා අන්තර්ජාලය භාවිතා කිරීමට දන්නේ නැති බවයි. හමුදා බුද්ධි ප‍්‍රධානි සුරේන් යැලේ එම ධුරයෙන් නෙරපා දැමුවේ පුංචි බොරැුල්ලේ පොත් සාප්පුකාරයෙකි. මේ පසුබිම මැද යස්මින් සුකා පවසන්නේ 2015 දී යහපාලන රජය එකඟ වූ ජිනීවා 30/1 යෝජනාව අනුව හමුදාවට උසස්වීම් දීම ඇතුළු කටයුතු සිදුකළ නොහැකි බවයි. එහෙත් එම යෝජනාවට එකඟ වූයේ රටේ ජනතාව නොවේ ඊට එකඟ වූයේ හිටපු අමාත්‍ය මංගල සමරවීර ප‍්‍රමුඛ එන්. ජී. ඕ. කල්ලියයි. අද මේ කල්ලිය බලයෙන් පහවී ඇත. එවන් පසුබිමක් මැද පසුගිය යහපාලන රජයේ එකඟවීම් හා ජිනීවා යෝජනාවේ වගන්ති වත්මන් රජය ඉටුකළ යුතුද? එසේම ජිනීවා 30/1 යෝජනාවෙන් මෙරට ආරක්‍ෂක ක්‍ෂේත‍්‍රය ප‍්‍රතිසංවිධානය කිරීමට යහපාලන රජය එකඟ වී ඇති බව යස්මින් සුකාගේ ප‍්‍රකාශයෙන් සනාථවේ.

මේ හැර ජිනීවා යෝජනාව තුළින් හිටපු යහපාලන රජය වගවීමේ කි‍්‍රයාවලියට එකඟ වී ඇත. එහෙත් වත්මන් රජය හමුදා නිලධාරීන් උසස් කිරීම වගවීමේ කි‍්‍රයාවලියට එල්ල වූ පහරක් බව යස්මින් සුකා තවදුරටත් කියා සිටී.

එසේ නම් දැන් සිදුවී ඇත්තේ ජිනීවා යෝජනාව, සංහිඳියා කි‍්‍රයාදාමය සහ වගවීමේ කි‍්‍රයාදාමය බිඳ වැටීමයි.

මේ අතර යස්මින් සුකා කර ඇති ප‍්‍රකාශයෙන් මෙතෙක් ජිනීවා යෝජනාවට අදාළව යටපත්ව තිබූ කරුණු අනාවරණය වී ඇත. ඒ මෛති‍්‍රපාල සිරිසේන, රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ යහපාලන රජය යුද හමුදාව සම්බන්ධව එකඟ වී තිබූ කරුණුයි. එනම් මේජර් ජනරාල් තනතුරට පත් කරන හමුදා නිලධාරීන්ට උසස්වීම් දීමට පෙර එම නිලධාරීන් නිස්කාෂණයට සහ නිරීක්‍ෂණයට ලක් කරන බවයි. මේ එකඟවීම ශී‍්‍ර ලංකාවේ හමුදාව පාවාදීමකි. ඉන්දීය රජය මෙවැනි එකඟවීමකට ඉදිරිපත් වී නැත.

ලොව කිසිදු රටක හමුදාවක් තම රටේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට සහ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට මුල් වූ හමුදා ප‍්‍රධානීන්ට උසස්වීම් දීමට පෙර මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවකට එකඟ වී තිබේද?

යහපාලන රජය යටතේ මෙම හමුදා නිලධාරීන්ට උසස්වීම් නොලැබුණි. ඒ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට ඇති බිය නිසාය. එසේම යහපාලන රජය මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ පාලනයට නතුවී තිබුණි. ඔවුන්ගේ සියලූ ඉල්ලීම්වලට යහපාලන රජය එකඟවී අපි මේ අයහපත් තත්ත්වය අනාවරණය කළ විට එජාපයට පක්‍ෂපාතී දඹර අමිල භික්ෂුව ස්වාධීන රූපවාහිනි සේවයට පැමිණ ගැරහීමේ යෙදුනි. එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්ද? ඒ යහපාන රජය ආරක්‍ෂක හමුදාව සහ ප‍්‍රධානීන් දීන තත්ත්වයකට පත් කිරීම සඳහා ජිනීවා යෝජනාවේ වගන්තිවලට එකඟ වීමය.

2015 වසරේ බලයට පත් මෛති‍්‍රපාල සිරිසේන රජය වන්නි මෙහෙයුමේ කිසිදු නිලධාරියකුට උසස්වීම් ලබාදුන්නේ නැත. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස පත්වීමෙන් පසු මෙම උසස්වීම් පිරිනැමීමට කි‍්‍රයාකිරීම ගැන යස්මින් සුකා ජාත්‍යන්තර ප‍්‍රජාවට පැමිණිලි කර තිබේ. ඇගේ මෙම පැමිණිල්ලෙන් ජිනීවා යෝජනාවේ බරපතළ විපාක අනාවරණය වී ඇත. එහෙත් විපක්‍ෂය නිහඬ වී සිටී. ජිනීවා යෝජනාව රටට වාසියක් බව පැවසූ විපක්‍ෂයේ ඇතැම් දේශපාලකයන් හමුදා උසස්වීම්වලට එරෙහිව සුකා කර ඇති ප‍්‍රකාශය ගැන නිහඬව සිටින්නේ මන්ද?

රටක හමුදාව ගැන කි‍්‍රයාකළ යුත්තේ සේනාධි නායකයායි. ගල්ෆ් යුද්ධයට සහභාගි වූ ඇමරිකානු බි‍්‍රතාන්‍ය කැනඩා ඇතුළු හමුදා රැුසක ප‍්‍රධානීන්ට උසස්වීම් දීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් විමසුවේද?

මෙලෙස හමුදා නිලධාරීන්ට උසස්වීම් දීමට පෙර ඔවුන් ගැන විමර්ශනය කළ යුතු යැයි ජිනීවා යෝජනාව දක්වා තිබීම ගැන යහපාලන රජය විරෝධය දක්වා නැත.

ජිනීවා යෝජනාව අත්සන් කළේ 2015 දීය. එහි අන්තර්ගත කරුණුවල ප‍්‍රධාන කරුණක් වූ හමුදාවට උසස්වීම් දීමට පෙර නිලධාරීන් ගැන නිරීක්‍ෂණය කළ යුතු බවට අනාවරණය වූයේ 2020 මැයි 18 දා කොටි පරාජය වූ 11 වැනි සංවත්සරය යෙදී තිබූ අවස්ථාවේ සූකාගේ හෙළිදරව්වෙනි.

කීර්ති වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More