දේශීය පුවත්

හූල්ගේ තවත් හොර වැඩක්

May 30, 2020 7:51 am | Lanka Lead News

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් වසර හතර හමාරකට ආසන්න කාලයක් මැතිවරණ කොමිෂන් සභාවට අයත් බම්බලපිටියේ, ග්ලෙන්ආබර් පෙදෙසේ නිවෙසක නවාතැන් ගෙන සිටිමින් කොමිෂන් සභා කාර්යාලයට යෑමට ඇති දුර ප්‍රමාණය අනුව කිලෝමීටර් 350ට වැඩි දුර ප්‍රමාණයක් වෙනුවෙන් ලබාදෙන රුපියල් 50,000ක ප්‍රවාහන දීමනාව ලබාගන්නා බව වාර්තා වේ.

එසේ රුපියල් 50,000ක මාසික ප්‍රවාහන දිමනාවක් ලබාගන්නා මහාචාර්යවරයා කොළඹ සිට යාපනයට යෑමට සහ යාපනයේ සිට කොළඹට පැමිණීමට ඉකුත් වසර කිහිපයක් තුළ මැතිවරණ කොමිෂන් සභාවේ වාහන පාවිච්චි කර ඇති බවටද තොරතුරු වාර්තා වේ.

එහි ආසන්නතම සිදුවීම ඉකුත් 19 වැනිදා හෙළිදරව් වුණේ යාපනයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අයත් කැබ් රථයක් ලබාගෙන තමා පුත්‍රයාද කැටුව මීගමුවට පැමිණ මීගමුව ජෙට්වින්ග් බ්ලූ හෝටලයේ නිරෝධායනය අවසන් කර සිටි දියණියද කැටුව රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීම සහ ආපසු ඔවුන් කැටුව යෑම බව අනාවරණය විය.

මහාචාර්යවරයාගේ නීත්‍යානුකූල නොවන අන්දමේ ක්‍රියා සම්බන්ධයෙන් කිසිඳු විමර්ශනයක් මෙතෙක් සිදුකර නැති බව මැතිවරණ කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More