දේශීය පුවත්

සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකොට ඇති පෙත්සම් මුලික කරුණු විමසීමේදී (I’m the last Batsman’) ” අන්තිම පිතිකරු මමයි ” යනුවෙන් පවසමින් එක් පෙත්සම්කරුවෙකු වෙනුවෙන් කරුණු දැක්වීම ආරම්භ කළ ජ්‍යෙෂ්ඨ නිතිඥ ක්‍රිෂ්මාල් වර්ණසුරිය මහතාගේ කරුණු දැක්වීම අත්හිටුවීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය පියවර ගත්තේය.

FR – 87/2020 පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම ආරම්භ කළ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන වාචකය වශයෙන් මුල් අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද ස්ථාවරයට හාත්පසින්ම පරස්පර වූ ස්ථාවරයට පිහිටා කරුණු දක්වමින් කරන බැව් නීරීක්ෂණය කළ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඬුල්ල ඒ පිළිබඳ නීතිඥවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්ණ කර සිටියේය.

එම ප්‍රශ්ණ කිරීමේදී නීතිඥවරයා සිය ස්ථාවරය වරින් වර වෙනස් කරමින් පිළිතුරු දීම නිසා කරුණු විමසුම අත්හිටුවමින්, නඩු විමසුම ද මිනිත්තු 10 කට කල් තබනු ලැබීය.

මිනිත්තු 20 කට පසු නැවත විනිශ්චයකරුවන් වූ පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය නීතිඥවරයා අමතමින් ඒ ආකාරයෙන් කටයුතු කිරීමට තවදුරටත් ඉඩ දිය නොහැකි බව පවසමින් ඔහුගේ කරුණු දැක්වීම අත්හිටුවනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More