තම රටේ සිටින විදේශීය පිරිසක් රෝගී වුවහොත් නෙරපා හැරීමට හෝ පන්නා දැමීමට අන්තර්ජාතික සෞඛ්‍ය නිර්දේශ යටතේ කිසිම රටකට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
පිටරටවල් එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් නැවත එවන්නේ නම් එය මානුෂීය අයුරින් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාව විදේශිකයන්ට සත්කාර කළ ආකාරයෙන් සැලකිය යුතු බවත් හෙතෙම කීය. එසේ වූ නම් ශ්‍රී ලංකාව දැන් මුහුණ දී තිබෙන ප්‍රශ්නයට මුහුණ නොදෙන්නේ යැයි ද ඔහු කීය.
විදෙස් ගත සිටි වයිරස ආසාදිත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම හේතුවෙන් මේ වනවිට රටේ සෞඛ්‍ය පද්ධතියට පීඩනයක් එල්ල වී ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අනුව සහ සියලු දෙනා පිළිගත් මානව හිමිකම් මෙන්ම ගිවිසුම් සහ පොදු සම්මතවලට අනුව රෝගියකු තවත් රටකට පිටුවහල් කිරීමට කිසිදු රටකට අයිතියක් නැතැයි ද හෙතෙම කීය.
විදේශවල සිරවී සිටින, කිසිදු පිළිසරණක් නැති සෑම ශ්‍රී ලාංකිකයකු මෙන්ම රෝගී ඕනෑම ශ්‍රී ලාංකිකයකු නැවත ගෙන්වා ගැනීමට ආණ්ඩුව කිසිදු විටෙක නොපැකිළෙන බවත් එහෙත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් ඔහු කීවේය. ශ්‍රී ලංකාවෙන් හමු වූ පළමු ‘කොවිඩ්-19’ ආසාදිත රෝගිය චීන ජාතික සංචාරක කාන්තාවක බවත් ඇය සම්පූර්ණයෙන් සුවය ලබන තෙක් ශ්‍රී ලංකාවේ නවතාගෙන ප්‍රතිකාර කළ බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදි සිහිපත් කළේය.
‘‘කොවිඩ්-19 ආසාදිත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේදී එම ගුවන් යානා අතර යම් කාල පරතරයක් තබාගැනීමට සිදුවෙනවා. මෙලෙස වයිරස ආසාදිත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමට සිදුවීමත් සමඟ කොරෝනා වයිරසයට එරෙහිව අපි ගෙනයන සටනට යම් පීඩනයක් එල්ල වී තිබෙනවා. අපි දැනට කොවිඩ්-19 ආසාදිත පොකුරු තුනක් හඳුනාගෙන තිබෙනවා. අපි අහඹු ලෙස සමාජයෙන් තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ කළා. එහිදි වයිරසය ආසාදනය වී තිබුණේ නාවික හමුදා භටයන්ට සහ විදෙස් ගතව සිට මෙහි පැමිණි අයට පමණයි.
අපිට දැන් තියෙන ලොකුම අභියෝගය විදෙස් ගතව සිට පැමිණෙන බොහෝදෙනකුට වයිරසය ආසාදනය වී තිබීමයි.
ඉකුත් දා කුවෙට් සිට පැමිණි 97 දෙනකුට වයිරසය ආසාදනය වී තිබුණා’’ යැයි ද වෛද්‍යවරයා කීය.
ඩේලිමිරර්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...