දේශීය පුවත්

ලංකා කම්කරු කොංග‍්‍රසයට ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවට ඉදිරි මැතිවරණයට තරඟ කරන්නට යෝජනා වී ඇති අපේක්ෂකයා කදුකරයේ මැතිවරණ කොට්ඨාස ගණණාවක් ඔස්සේ විවෘත රථයක නැගී ගමන් කරමින් මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීති ද අමුඅමුවේ උල්ලංඝනය කරද්දී බලධාරින් නිහඩව සිටීම කණගාටුවකට කරුණකැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.

මැතිවරණ කොමිෂන් සභාවක් පවතින්නේ දුටු තැන එරෙහි වීමට මිස පැමිණිලි එනතුරු බලාසිටීමට නොවේ යැයි ද හෙතෙම සදහන් කළේය.

ඉකුත් මාර්තු දෙවැනිදා සිට තවමත් පවතින්නේ මැතිවරණ පූර්ව ප‍්‍රචාරක සමයක් යැයි පෙන්වා දුන් ගජනායක මහතා ඊට අමතරව නිරෝධායන නීතිය ද තදින් ක‍්‍රියාත්මක කරන බවත් චිටරයේ දුරින් නොසිටියේ නම් සිරගත කරන පව කියන පොලිසිය පවා නිහඩව අසරණ වී බලා සිටි බව පෙනී යන්නේ යැයි ද ගජනායක මහතා කියා සිටියේය.

දැන්වත් නීතිය ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේ දී පොලිසියට හෝ මැතිවරණ කොමිෂන් සභාවට මේ අපේක්ෂකයන් පිරිස පාලනය කළ නොහැකි වන බවද ගජනායක මහතා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More