දේශීය පුවත්

මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම හා ඊට බලපාන හේතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලබන සදුදා (01) දීර්ඝ වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු  දක්වන බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

මැතිවරණයට අදාළව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ වනවිට මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර ඇති බවත් , එම මාර්ගෝපදේශන මාලාවට යටත්ව මැතිවරණය පැවැත්වීම කල් යැම සිදුවන ආකාරය සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙපෙත්සම් (29) නව වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම  සිදු වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය,  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.

එම පෙත්සම්වල වගඋත්තරකාර මැතිවරණ කොමිසම , එහි සභාපති හා සාමාජිකයින් දෙදෙනා වෙනුවෙන් එක් නීතීඥවරයෙකුට පමණක් කරුණු දැක්වීමට ⁣පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ අනුමැති හිමි වූ අතර ඒ අනුව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පමණක් මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දක්වනු ඇත.මීට පෙර පෙත්සමේ වගඋත්තරකරුවකු වනු මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් නීතීඥ අස්තික දේවේන්ද්‍ර මහතා පෙනී සිට කරුණු දැක්වීය.

අතරමැදි පෙත්සම් වෙනුවෙන් සියලුම කරුණු දැක්වීම් අද ( 29) අවසන් විණි.

මූලික අයිතිවාසිකම් පෙත්සම්  සහ අතරමැදි පෙත්සම් දසවන දිනයටත් සලකා බැලීම ලබන සඳුදා ( ජුනි 01) තෙක් කල් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියම කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More