මුහුණු පොතෙන්

‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ගෝලීය වසංගතයට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටින වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු වෛද්‍ය සේවකයන්ට ගෞරව ආචාර කරමින් ජපානයේදී , ගුවන් හමුදා සංදර්ශන බළකායට අයත් යානා අද (29) අහසේ පියාසර කළේය.

ජපාන ගුවන් හමුදාවේ ගුවන් සංදර්ශන බළකාය ‘බ්ලූ ඉම්පල්ස්’ යනුවෙන් හැඳින්වෙන අතර එම බළකායට අයත් ‘ටී-4’ පුහුණු ජෙට් යානා 6ක් අද (29) දහවලේ ජපාන අහසේ පියාසර කළේය. දුම්වළා නඟමින් පියාසර කළ මෙම ජෙට් යානාවලට අත වැනීමටත් ඡායාරූප ගැනීමටත් වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් රෝහල්වලින් පිටතට පැමිණි සිටි අයුරුද දක්නට ලැබිණි.

‘‘අපි මාස 4ක් තිස්සේ දැඩි පීඩනයක් යටතේ වැඩ කරනවා. මේ ගුවන් ආචාරය අපිට අස්වැසිල්ලක්, සතුටක් වගේ අපේ සටනට පණක් ගෙනදුන්නා යැයි වෛද්‍ය සේවකයන් කියනවා මට ඇහුණා’’ යැයි ටෝකියෝහි ඉබාරා රෝහලේ සුයිචි මිකාමි පැවැසීය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කරගැනීමට හැකි වූ රටක් ලෙස ජපානය හඳුනාගෙන ඇත. ජපාන රජයේ පුවත් සේවාවලට අනුව එරටින් අද පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 16,759ක් වූ අතර එරටින් වාර්තා වූ ආසාදිත මරණ ගණන 882ක් විය.

‘‘කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශාල පිරිසක් දිවා රෑ වෙහෙස වී වැඩ කරනවා. විශේෂයෙන්ම කොරෝනා වයිරසයට එරෙහිව සටනේ ඉදිරියෙන්ම සිටින වෛද්‍ය සේවකයන් දැඩි කැපවීමක් කරනවා. අපි ඔවුන්ට ගෞරව දැක්විය යුතුයි. අපි ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කළ යුතුයි’’ යැයි ජපානයේ ආරක්ෂක අමාත්‍ය ටාරෝ කොනෝ පැවැසීය.

කෙසේ නමුත් ජපාන රජය ගත් මෙම ක්‍රියාමාර්ගයට සමාජ මාධ්‍ය ඔස්සේ මිශ්‍ර අදහස් පළ වී තිබිණි. ඇතැම් අය එය අගය කළ තිබූ අතර වෛද්‍ය සේවකයන්ට ගෞරව කිරීමට ගුවන් යානා පියාසර කරනවා වෙනුවට වෛද්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනීමට සඳහා අවධානය යොමු කළ යුතුව තිබුණා යැයි ඇතැම් අය කීහ.

‘‘ගුවන් යානා පියාසර කරවපු මුදල්වලින් මුඛ ආවරණ සහ අනෙකුත් ආරක්ෂණ උපකරණ මිලදී ගන්නට තිබුණා’’ යැයි ඇතැමකු ට්විටර් සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබිණි.

ඒ.එෆ්.පී./රොයිටර්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More