දේශීය පුවත්

රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද(29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් මැයි 14 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු සිය අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

හමුවෙන් පසුව කළ සාකච්ඡාවේදී සහයෝගීතාවේ නව ක්ෂේත්‍ර විමර්ශනය කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන දෙරටේ කැපවීම ජනාධිපති රාජපක්ෂ මහතා ඉන්දියානු නව මහකොමසාරිස්වරයා වෙත නැවත තහවුරු කළහ.

පසුගිය 23 සෙනසුරාදා ඉන්දීය අගමැතිවරයා සමග දුරකථනයෙන් කළ සුහද සාකච්ඡාව සිහිපත් කරමින් වත්මන් දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට දුන් නොමසුරු සහය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මහතා ඉන්දීය රජයට සහ ජනතාවට සිය ස්තූතිය පුද කළේය.

ඉන්දියානු අගමැති මෝදි මහතාගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ මහකොමසාරිස්වරයා කොවිඩ් 19 වසංගතයට එරෙහි සාර්ථක සටනට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ලබා දෙන නිවැරදි නායකත්වය අගය කළේය.

දෙරටේ සුබසිද්ධිය වෙනුවෙන් දැනටමත් එකඟ වී ඇති හවුල් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අවධාරණය කළහ.

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර වශයෙන් තෘතීයික අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, කෘෂිකර්මය සහ කෘෂි පාදක නිෂ්පාදන සඳහන් කෙරිණ.

තමන් තෝරාගන්නා ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍යත්වලාභීන්ට තවත් අවස්ථා සලසා දීමට ඉන්දියාව සූදානම් බව මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාවට අමතරව දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

කොවිඩ් 19 වසංගතය නිසා උද්ගතව ඇති අභියෝග ජය ගැනීමට කලාපයේ රටවල් අතර අන්‍යොන්‍ය වශයෙන් ඵලදායී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළයුතු බවට ජනාධිපතිවරයා සහ ඉන්දියානු මහකොමසාරිස්වරයා එකඟ වූහ.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More